Friday, October 10, 2014

මෙන්න බොදු බල සේනාවෙන් තවත් විහිලුවක්

 

එකම ජාතියක් හදන මුවාවෙන් රට ජාතිය වනසන සහ ජාතින් අතර භෙද  ඇතිකරන්නට ඉදිරිපත් කරන යොජනාවලිය ප්‍රායොගික නොවන බව පැහැදිලියි, රටේ නම වෙනස්කිරීම ජාතික කොඩිය වෙනස් කිරීම ජාතික ගීය සිංහලෙන් ගැයිම මුස්ලිම් වරැන්ට ප්‍රශ්නයක් වන කාරනාවක් නො වුවාත් ආගමික ඇදහිම් සහ ආගම ප්‍රවර්ධනය කිරීම වැනි කාරනාවන්ට දමන තහංචිය නිසා සුලු ජාතින්ව වහල්ලන් බවට පත් කරන්නට ඩිලන්ත දවල් හීන දකිති, එසේම  විවාහයන් හතරක් එකවර කරගත් මුස්ලිම් වරයෙක් ලංකාවේ සිටිනවාදැයි සොයා බැලිය යුතුව සිටින අවස්තාවක එක්වර ගැහැණුන් හතරකට වැඩි ප්‍රමානයන් සමග අනියම් සම්බන්ධතාවයන් පවත්වන බෞද්දයින් ගෙන දිනපතා වාර්තාවන මොහොතක දී ලංකාවේ සිටින මුස්ලිම් වරැන් සියලු දෙනාම විවහයන් හතරක් කරගන්නා බවට උපකල්පනය කිරීම ඩිලන්තගේ මොඩ කමට හොදම නිදසුනකි.
  
එසේම බෞද්දාගම මුල්කරගත්  සතුන් නොමරන සොරකම් නොමැති මුසා වාදා නොකරන දුරාචාරයේ නො යෙදන සහ මතෙන් තොර සුලු ජාතින්ට තමන්ගේ ආගමික ඇදහීම් වලට කිසිම තහංචියක් නොදමන පාලන තන්ත්‍රයක් හදුන්වා දෙන්නට අවංකව ඉදිරිපත් වනවානම් සියලු මුස්ලිම් වරයෙක්ම එයට සහාය දීමට ඉදිරිපත් වේවි.





No comments:

Post a Comment