Tuesday, October 7, 2014

ඥානසාර හාමුදුරැවන්ගේ තුට්ටු දෙකේ අභියොගය


ඥානසාර හාමුදුරැවන්ගේ තුට්ටු දෙකේ අභියොගය

ඥානසාර හාමුදුරැවනේ ඉස්ලාමය ඹබ සිතනවා මෙන් දෙවියන්ට පමනක් වැද පුදාගෙන මිනිහෙක් දෙකක් මරල නිවන් දකින්නට උගන්වන ආගමක් නොවේ, එය  කෙනෙකු තමන්ගේ ජීවන චර්යාවන් හැඩ ගස්වා ගන්නට උගන්වන මාර්ගයක් බව අවධාරනය කලයුතුයි, එහි උපතේ සිට විපත දක්වා වු සියලුම කාර්යන් නිසිලෙස ඉටුකරගෙන ලබාගත් මිනිසත් බවයේ තමන්ව මෙලොව මැවු දෙවියන්ට සහ සමාජය ඇතුලු පරිසරයට ඉටුවිය යුතු සියලු දේ හැකි උපරිමයෙන් ඉටුකරමින් සාමයෙන් සහ සහජීවනයෙන් මෙලොව ජීවත්වන්නටත් මරනෙන් පසු සුවර්ගයට යාමටත් ම පෙන්වා දී ඇත, එහි එක් අංගයක් වන රාජ්‍ය පාලනයෙ පාලකයා විසින් තම රට සතුරැ ආක්‍රමනවලින් බේරා ගැනීම සදහා ගන්නා ක්‍රියාමාර්ග සදහන් කර ඇති හදීස් සහ කුරාන් වැකි කොටස් වශයෙන් උපුටා ගෙන කිසිම සෙවිල්ලක් නොමැතිව බෙරිහන්දීම ඹබ බුදු දහමට කරන නිග්‍රහයක් ලෙසයි සදහන් කලයුතුයි.

තිස් වසරක කුරිරු යුද්දයක අත්දැකීම් ඇති රටක වැසියන් ලෙස අපට මෙම කාරනාවන් පහසුවෙන් තේරැම් ගන්නට හැකිවිය යුතුයි, යුද වදින් තම සෙබලුන්ගේ මානසික ඒකාන්ත තාවය ඉහල මට්ටමේ තබාගැනිමට සහ ඹවුන්ගේ විනය රැකගැනීම සදහා යුදමෙය වාතාවරනයකට පමනක් වලංගුවන නබි තුමාගේ වදන් සහ කුරාන වැකියන් සමාන්‍ය මිනිසෙකුට හො කණ්ඩායමකට නීතිය අතට අරගෙන නිල නොවන හමුදාවක් ලෙස හැසිරෙන්නට දෙන අවසරයක් නොවේ. යුද්දයක දී සිදුවන ඝාතන උපුටා දක්වමින් එම සමාජය මිනීමරන සමාජයක් ලෙස හංවඩු ගහනවානම් ප්‍රබාහරන් වැනි භයානක ත්‍රස්තවාදින්ව මරපු බහුතර සිංහල බෞද්දයන්ගෙන් සැදුම්ලත් විරොධාර හමුදාවට අයත් සිංහල බෞද්දයින්ව මිනිමරන මිලෙච්ච ජාතියක් ලෙස හදුන්වා දීම ඉතාමත්ම අසාධාරන ක්‍රියාවකි බව රටට ආදරය කරන ඹනේම කෙනෙකුට වටහාත හැකි කාරනාවකි. එසේම තමන්ගේ නිජබිමෙන් පිටුවහල් කල මක්කා නහරයේ ජිවත්වු මුස්ලිම් නොවන මිනී මරැවන් සමග සහ පාලකයාට විරැද්දව කටයුතු කරන අය සමග යුද්ද කිරිමෙහි ඇති වැරැද්ද කුමක්දැයි කියා ඥානසාර හාමුදුරැවන් ඇතුලු ජාතිවාදින් පැහැදිලි කරදිය යුතුයි. එසේම ඉතිහාසයේ වඩාත් හොද පාලනයක් ගෙන ගිය එලාර රජු මරපු දුටු ගැමුමු රජුගේ ක්‍රියාව සාධාරනය කරන අය අනුන්ට ඇගිල්ල දික් කිරිම අසාධාරන ක්‍රියාවක් නොවේද?

නබ් තුමා ජිවත්වු මදීනා නගරයේ මුස්ලිම් නොවන වෙනත් ආගම් අදහන අය ජීවත්වි ඇති බවට ඹනේතරම් සාක්ෂි ඇත, එසේ මුස්ලිම් නොවන අහිංසක ජනයාව ඝාතය කිරීම කුසලක් සේ පවසා ඇතිනම් අවුරැදු  800 ක් මුස්ලිම් වරැ විසිනි පාලනය කරන ලද ඉන්දියාවේ බහුතර ජනයා අදටත්  හින්දුන් වීමට ඉඩ නැත, තවදුරටත් පවසනවා නම් මුස්ලිම් බහුතරයක්ව සිටින මැලේසියාව ඉන්දොනීසියාව බංගලාදේශය ඉරානය වැනි රටවල්වල බෞද්ධ සුලුතරයක් ජීවත්වන බව නොදැන ජාතිවාදයේ ගින්නට තෙල් දමන ප්‍රකාශ නිකුත් කිරිම ඉතාමත්ම කණගඩු දායක කාරනාවකි.


ලංකාවට තෙල් ගෙන්වන්නේ සිංගපුරැවෙන් බව මොඩ ප්‍රකාශ කරන ඥානසාර හාමුදුරැවො ඇතුලු ජාතිවාදින් දැන ගත යුතුයි මෙද පෙරදිග රටවල් වල සේවය කරන මිලියන දෙකක් පමන වන ලාංකිකයින් විසින් රටට එවන  මුදල් කන්දරාව මෙන්ම එම රටවල් වලින් ලබාදෙන ආදර ගෙනත් නමුත් මිනී මරන්නට උගන්වන විරාතු හාමුදුරැවන්ගේ මියන්මාරයෙන් ලංකාව ලබාගත් දායාදය කුමක්දැයි අපි දැනගන්නට කැමැතියි.

No comments:

Post a Comment