Wednesday, October 8, 2014

දිවියෙන් මනුෂ්‍යත්වය ගිලිහෙන්න දෙන්න එපා

http://www.divaina.com/2014/10/08/feature02.html
අරම ශ්‍රී ධම්මතිලක නාහිමි
කොළඹ දිසාවේ සංඝනායක, කොළොන්නාව ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ බටහිර කලාපයේ
සභාපති ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරාධිපති

අදට (08දා) යෙදෙන වප් පොහොය නිමිත්තෙනි.

සමාජය දෙසට නැඹුරු වන විට මානුෂිකත්වය යටපත් වී අමානුෂිකත්වය මතුවන බවක්‌ පෙනේ. රට පුරා සිදුවන ෙ€දවාචක සිද්ධි සමුදාය දෙසට නෙත් සිත් යොමන විට අපගේ සිත්වල දැඩි කම්පනයක්‌ ඇතිවෙයි. මිනිසාගෙන් මානුෂිකත්වය යටපත් වූයේ ඇයි. ධර්මයට මිනිසා නැඹුරු නොවීම නිසාද මෙබඳු ෙ€දනීය සිද්ධි ඇති වන්නේ.

මිනිසා යනු බුද්ධියෙන් උපයුක්‌ත කෙනෙකි. හොඳ නරක, යුක්‌තිය-අයුක්‌තිය, සාධාරණය අසාධාරණය කළ යුත්ත-නොකළයුත්ත සම්බන්ධයෙන් සිතා බැලීමට ශක්‌තියක්‌ ඇති තැනැත්තෙකි. බුද්ධිමත් භාවයෙන් සමලංකෘත පුද්ගලයා අතින් වැරදි සිදුවන්නේ නැත. එහෙත් වැරදි සිදුවීම අපට මහත් ගැටලුවකි.

මිනිසා කෙරෙහි ඉවසීම සංවේදී බව ඇත්නම් මෙතරම් ෙ€දනීය සිදුවීම් ඇති නොවන්නේමැයි. අරලගංවිලදී ට්‍රැක්‌ටරයක්‌ පෙරැළී 10 දෙනකු මිය යැම, කතරගම යන්නට ගොස්‌ නැදගමුවේදී කැබ් රථයක්‌ ඇළට පෙරැළී 5 ක්‌ (එකම පවුලේ) මියයැම මුළු රටම කම්පනයට පත්වූවකි. මේ සිද්ධිවලට මූලික හේතුව වූයේ මිනිසා කෙරෙහි සංවේදී බව, ඉවසීම නොමැතිකමෙන් මේ අනතුරුවලට භාජනය වූ බවයි.

තවද වයස 9 සිසුවෙක්‌ දෙවන පාසල් වාරය ආරම්භයේදී පාසලට පැමිණි මුල් දවසේ යතුරුපැදියක ගැටී මරුමුවට පත්වීමයි. පාසල අවසන් වී පාර මාරු කරන්නට යැම නිසා අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක්‌ මේ දරුවා යට කරගෙන යාම අනුව අපට සිතාගත හැක්‌කේ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා කෙරෙහි කිසිදු ඉවසීමක්‌, සංවේදී බවක්‌ නොවීමයි.

ලෝකයා ගැන සිතීම

තමන් ගැන මෙන්ම අවට ලෝකයා ගැනත් අවධානය යොමු කළ යුතුය. එසේ යොමු නොකිරීම හේතු කොටගෙනය මෙබඳු ෙ€දනීය සිද්ධි ඇති වන්නේ.

බුද්ධ ශ්‍රාවකයන් ලෙස කටයුතු කරන අයත් බුදුසමය ඉක්‌මවා මිලේච්ඡ තත්ත්වයට යොමුවන බවක්‌ පෙනේ. මෙවන් තත්ත්වයක්‌ බුද්ධ කාලයේදීවත් ඇතිවූයේ නැත. බුද්ධ ශ්‍රාවකයන්, බුද්ධ ශ්‍රාවකයන් සමග ගැටුම් ඇති කරගන්නේ ඇයි? පරමාදර්ශීභාවය ඉක්‌මවා අතිධාවනකාරී ලෙස හැසිරීම අතිශය කනගාටුවට කරුණකි.

බුදුරදුන් බුදුසමයෙන් හෙළි කළේ එකම පවුලක්‌ ලෙස ජීවත් විය යුතු බවයි. සමාජය පන්ති වශයෙන්, ආගම් වශයෙන්, කුල වශයෙන් බෙදී නොසිටිය යුතු බවය. "පන්සල" තමයි මෙයට කේන්ද්‍රීය තැන්න වූයේ. සමාජවාදයේ තැන්න ලෙස හැඳින්වූයේ පන්සලයි. පන්සලට උගත් නූගත්, උසස්‌-පහත්, දුප්පත්-ධනවත් හැම දෙනෙක්‌ම එන, සමීපවන තැන්නකි. "පන්සලට" පිවිසෙන මේ හැමදෙනාම එකම පිරිසක්‌ ලෙස පිළිගැනීම පන්සලේ නායක හාමුදුරුවරුන්ගේ පිළිවෙත, සම්ප්‍රදාය විය යුතුය.

අසංවර හැසිරීම

මෙබඳු තත්ත්වයක්‌ මත සංඝ සමාජය අසංවරව හැසිරෙන්නේ ඇයි. ප්‍රිය වදන් තෙපළන සඟරුවන රළු වදන් තෙපළන්නේ ඇයි? ජනතාවගේ සිත් සතන් මෙල්ල කරන්නේ වදන්වලිනි. බුදුරදුන් ලෝක සත්ත්වයා මෙල්ල කළේ සුන්දර වදන්වලිනි. එම වදන් මිනිසාට පෝෂ්‍යදායක ආහාරයකි. එහෙත් අප්‍රසන්න වදන් තෙපළන්නට ඇතැම් සඟරුවන යොමුවන්නේ ඇයි? ශික්‍ෂණය, විනය අනවරතයෙන්ම, නිරන්තරයෙන්ම සඟරුවන කෙරෙහි තිබිය යුතුය.

සංඝ සමාජය ශෝභමාන කරන්නේ සඟරුවනගේ ආකල්ප මතය. සමාජය සකසන්නට නිතරම වෙහෙසෙන සඟරුවන විකල්ප මාර්ග අනුගමනය කරන්නේ ඇයිද යන්න අපට ගැටලුවකි.

පැවිදි සමාජය ගිහි සමාජයට පරමාදර්ශී විය යුතුය. කිසියම් දෙයක්‌, සිද්ධියක්‌ ඔස්‌සේ හඹා ගොස්‌ සමාජයේ නොසන්සුන්තාවක්‌ ජනිත කරන්නට යැම අප්‍රසන්න සිද්ධියකි. සන්සුන් බවක්‌ ජනිත කළ යුතුව තිබියදී නොසන්සුන්තාවක්‌ ඇති කරන්නට යොමුවන්නේ ඇයි.

සාමකාමී ස්‌වරූපය

ප්‍රශ්න ගැටලු සමාජයේ අපමණය. එම ප්‍රශ්න හා ගැටලු සාමකාමීව විසඳිය යුතුය. එසේ නොමැතිව දඩබ්බර පිළිවෙතක්‌ අනුගමනය කරමින් ඒවා විසඳන්නට යැමෙන් ප්‍රශ්න හා ගැටලු තවත් සංකීර්ණ තලයකට පත්වෙයි.

නිතරම අප බුදුසමය ආදර්ශයට ගත යුතුය. ධර්මකාමී දිවියකට පෙළඹිය යුතුය. දහම ජීවිතයට නිතරම බද්ධකර ගැනීමට අප යොමු වුවහොත් සමාජයේ මෙතරම් අපරාධ සිදුවන්නේ නැත.

දරුවන් යහමගට යොමුකරන්නට උගන්වන ගුරුවරයා යනු දෙගුරුන්ට වඩා උත්තරීතර පුද්ගලයෙකි. සමාජ සංවර්ධනයට අදාළ පුද්ගලයන් බිහි කරන්නේ ගුරුවරයාය. එම පුද්ගලයා පරමාර්ශී අයකු විය යුතුය. එහෙත් සමාජයේ ඇතැම් ගුරුවරුන් තමන්ගේ සිසු දරුවන්ට ලිංගික අතවර කරන්නට තරම් පහත් තත්ත්වයට පත්වූයේ ඇයි?

ගුරුවරයා වූ කලී සංවේදී සිතුවිලිවලින් ප්‍රභාවිත පුද්ගලයෙකි. එවන් පුද්ගලයකු අතින් තම සිසු දරුවන්ට ලිංගික අතවර කිරීම අමානුෂික ක්‍රියාවකි. මානුෂිකත්වය ඉක්‌මවා යැමකි මෙයින් සිදුවන්නේ.

සිසුවියන්ට ලිංගික අතවර

මේ ළඟදී කිලිනොච්චිය පැත්තේ මිශ්‍ර පාසලක පාසල් ගුරුවරයෙක්‌ සිසුවියන් 5 ක්‌ ලිංගික අතවරවලට ලක්‌කොට ඇත. පුද්ගලයා කෙරෙහි සානුකම්පාවක්‌ නොමැති බව නොවේද මෙයින් ගම්‍ය වන්නේ.

පුද්ගලයා ක්‍ෂණික තීරණ ගැනීම මත තම ගුරු වෘත්තියට අත් වූ අවමානය ගැන මොහොතකට සිතුවේද? එය එක්‌ පැත්තකි. අනෙක්‌ පැත්ත වන්නේ කළ වරදට දඬුවම් විඳීමය. තාවකාලික වින්දනයක්‌ ලබන්නට යැම හේතු කොටගෙන ගුරුවරයාගේ දිවියට අත් වූ ඉරණම මොනතරම් දුක්‌ඛදායකද?

ස්‌ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වසර ගණනක්‌ සිරගත වී නිදහස්‌ව ආ පියා 15 හැවිරිදි සිය දියණිය දූෂණය කිරීම කෙතරම් ෙ€දවාචකයක්‌ද. පුද්ගලයා අශෝභන පැත්තට යොමුවූයේ ඇයි? සශෝභන පැත්තට යොමුවිය යුතුව තිබියදී අශෝභන පැත්තට යොමුවූයේ මානුෂිකත්වය ඉක්‌මවා යැම නිසා නොවේද? තමන්ගේ ජානවලින් බිහිකළ දියණිය දූෂණය කරන්නට තරම් පියා මෘග තත්ත්වයට පත්වූයේ කාගේ වරදින්ද. සමාජයේ වරදින්ද, එහෙම නැත්නම් පුද්ගලයාගේ වරදින්ද.

යහපත් සමාජ ඇසුර

සමාජ ආශ්‍රය පුද්ගලයාගේ චරිත සංවර්ධනයට අතිශයින්ම බලපාන්නකි. යහපත් සමාජ ආශ්‍රය පුද්ගලයාට අතිශයින්ම බලපාන්නකි. අයහපත් සමාජ ඇසුරට පුද්ගලයා යොමුවුවහොත් නැඹුරුවන්නේ අයහපත් පැත්තටය.

පුද්ගලයා දිවි ගෙවන්නේ කෙටි කාල පරාසයකි. එම කාල පරාසය ඇතුළත පුද්ගලයා දැහැමි සිතුවිලිවලින් යුක්‌තව දිවි ගෙවිය යුතුය. මේ යථාර්ථය මැනවින් තේරුම් ගත යුතුය. පිරිසිදු දිවියට කළු ලපයක්‌ ඇති නොකරගත යුතුය. අමරණීය නාමයක්‌ සමාජයේ තබා පුද්ගලයා මියයැම කොතරම් අගනේද. ධර්මය තමයි දිවියට ආත්මය වන්නේ. නිතරම පුද්ගලයා දැහැමි සිතුවිලිවලින් පරිපූර්ණ නම් එම තැනැත්තා අපරාධයට යොමුවන්නේ නැත. යමක්‌ සිදුවීමෙන් පසුතැවිලි වනවාට වඩා සිදුවන්නට පෙරාතුව සිතා බැලීම ප්‍රඥවන්තයාගේ ප්‍රතිපත්තියයි. "ලැ-ජාව" හා "බිය" පුද්ගලයාට අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ලැ-ජාව හා බිය නොමැතිකම නිසයි මෙවන් අපරාධවලට යොමුවන්නේ.

අන්සතු දැ කොල්ලකෑම

බැංකු කොල්ලකෑම අන් අයගේ වස්‌තු කොල්ලකෑම අතින්ද අප සමාජය ඉහළට ගොස්‌ ඇත. විවිධ වෙස්‌ අරන් ගෙවල් බිඳීම්වලට ලක්‌වන පුද්ගලයන්ගේ ඉරණම කෙබඳු ආකාරයෙන් අවසන් වේද යන්න කාට නම් කිව හැකිද.

ආශ්චර්යවත් ගමනකට රට යන අතරතුර මෙබඳු ෙ€දවාචක එම ගමනට අතිශය බාධාවකි. අසල්වැසියන්ට කිසිදු හිංසනයක්‌ නොවන ආකාරයට අප දිවි ගෙවන්නට වග බලා ගත යුතුය.

"හිංසනය" පුද්ගලයාගේ ශබ්ද කෝෂයෙන් බැහැරකොට "අහිංසාව" තමයි ශබ්දකෝෂයට ඇතුළත් කරගත යුත්තේ. සමාජයේ බොහෝ දෙනා තමන්ගේ ශබ්ද කෝෂයට ඈ¹ගෙන ඇත්තේ "හිංසනයයි" මේ හිංසනය පාදක කරගෙන විෂය කර ගැනීම හේතු කොටගෙනය. සමාජය ප්‍රබල අපරාධවලට යොමුවී ඇත්තේ. මේ සියල්ලම ර¹ පවතින්නේ බුද්ධිය මතය. ජීවිතයෙන් බුද්ධිය ප්‍රකට කළ යුතුය. එසේ නොවුණහොත් එම දිවියෙන් ඵලක්‌ නොමැත. නිසරු රුකක්‌ වැන්න. සරු රුකකට දිවිය සමාන කරයි. පලින් බර රුක පොළොවට බර වී සමාජයට මහත් මෙහෙවරක්‌ සිදුකරන්නේ යම්සේද පුද්ගල බුද්ධියත් එලෙසම සමාජ මෙහෙවරක්‌ ඉටු කරයි.

දිවිය සුවඳ හමන පුෂ්පයකි.

යහගුණ දිවියෙන් නිතරම ඔපවත් විය යුතුය. යහපත් දිවිය හරියට සුවඳ හමන ලස්‌සන පුෂ්පයක්‌ බඳුය. යහපත් දිවියෙන් අපට බොහෝ දේවල් ඉගෙන ගත හැකිය. එය හරියට මහා පාඩම් පොතක්‌ බඳුය. නිතරම අන් අයට ආදර්ශයක්‌ වන අන්දමට දිවි ගෙවිය යුතුය. සමාජය අපේක්‍ෂා කරන්නේත් එයයි.
ෙ€දවාචක ශීඝ්‍ර ගමනක්‌ යන අවදියක එය අවම කරන්නට අප සියලු දෙනාම එක්‌විය යුතුය. එය සීසීකඩ වී කළ හැකි කාරියක්‌ නොවේ. පුද්ගලයාට බුදු සමයේ අන්තර්ගත ඥනය උකහාගෙන දැහැමි සිත් ඇති කර ගන්නට අප සියලු දෙනාම ඉටාගත යුතුය. සහනදායී ලෙස අපට දිවි ගෙවන්නට හැකිවන්නේ එවිටය.

No comments:

Post a Comment