කයිලාෂ් මලාලා
|
2014 නොබෙල් සාම ත්‍යාගය පාකිස්තානයේ මලාලා යුසෆ්සායි දැරියට හා ඉන්දිය ජාතික ළමා මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන කයිලාෂ් සත්‍යරාථිට පිරිනමන බව නොබෙල් කමිටුව ඊයේ ප්‍රකාශ කළේය. මේ අනුව දෙදෙනාටම මෙම ත්‍යාගය සම සමව හිමිවන්නේය.
17 හැවිරිදි මලාලා යුසුෆ් සායි නොබෙල් සාම ත්‍යාගය හිමිවන ලාබාලම තැනැත්තිය වන අතර ඇය පාකිස්තානය මූලික කොටගෙන ලෝකයේම ළමා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන්කරන්නියක ලෙස සුපතලය. ඇයගේ මෙම ක්‍රියාව නිසාම ඇය 2012 දී තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වුවද දිවි බේරා ගැන්මට සමත්වුවාය.
ඇය සමග නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියන ඉන්දීය ජාතික 60 හැවිරිදි කයිලාෂ් සත්‍යරාථි ළමා ශ්‍රමය සූරාකෑමට එරෙහිව සාමකාමී විරෝධතා පවත්වමින් ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි. ඔහු මහත්මා ගාන්ධි සම්ප්‍රදාය අනුදත්තකු ලෙසද සුපතලය.
මේ අනුව මෙවර නොබෙල් සාම ත්‍යාගය මුස්ලිම් හා හින්දු ජාතික දෙදෙනකු ට හිමිවීම විශේෂත්වයක් වන්නේය.
http://www.dinamina.lk/2014/10/11/_art.asp?fn=n1410113
No comments:
Post a Comment