Monday, October 27, 2014

ඥානසාර හිමියන්ගේ කාමය වරදවා හැසිරිමට උනන්දු කරවන බෞද්ධ විරොධි කතාව


ඥානසාර හිමියන්ගේ ඉහත ප්‍රකාශට අනුව හිමිවරැන් අන්‍යාගමික මධ්‍යස්තාන විනාස කලයුතුවන අතර ගිහි ජනයා කෙසේ හො ජනග්‍රහනය වැඩි කිරීමේ කාර්ය සිදු කලයුතුයි, මෙවැනි අසොබන ප්‍රකාශ මගින් හැගී යන කාරනාව වන්නේ බුදු දහමේ පැවත්වීමට ප්‍රචන්ඩත්වය සහ අසීලාචාර හැසිරිම් අත්ත්‍යවශ්‍ය වන බවයි, එමෙන්ම අහිංසාව කරැණාව වැනි උතුම් ගුනාංග කතාකල බුදු හාමුදුරැවන්ට කරන නිග්‍රහයක් නොවේදැයි කියා ඥානසාර හාමුදුරැවන්ගෙන් විමසිය යුතුයි.


ආගමක් ප්‍රචාරය කිරීම වැරැද්දක් නම් එදා අශෝක රජු මිහිඳු මාහිමියෝ එවමින් දේවානම්පිය තිස්ස රජුට බුදු දහම ගෙන කියාදීම වැරැද්දක් නොවේද? බෞද්ධ දර්ශනය  ආසියාතික රටවල්වලට ගෙනයන්නට අශෝක රජුවිසින් ගත් ක්‍රියාමර්ග ඥානසාර හාමුදුරැවන්ට අනුව වැරැදි සහ දඩුවම් දිය යුතු ක්‍රියාවකි, එදා දේවානම්බිය තිස්ස රජු සමයේ ඥාසාරවාදියෙක් සිටියෙනම් අනිවාර්යෙන්ම මිහිඳු මාහිමියන්ට අශෝක රජුගේ පනිවුඩය ගේන්නට සහ බුදු දහම ප්‍රචලිත කරන්නට ඉඩක් නො ලැබෙන බව සහතිකයි. 

No comments:

Post a Comment