Wednesday, October 29, 2014

Current situation in Haldummulla


රාවණා රජු ගැන සාක්කි නෑ


පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කියයි
සමිත් මධුරංග, සඳරැසී සුදුසිංහ
රාවණ රජු පිළිබඳ තරම් ලොව වෙනත් කිසිදු රජකුගේ තොරතුරු කතා නොකරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ පෙරේදා (27දා) පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවැති ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව මඟින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ අවස්ථාවේදී මාධ්‍යවේදියකු විසින් රාවණ රජු පිළිබඳ දරන්නේ කුමන අදහසක් දැයි විමසූ විට අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පිළිතුරු දෙමින් පවසා සිටියේ, රාවණ රජ සමය පිළිබඳ කියැවෙන ඉතිහාසය පුරාවිද්‍යාත්මකව අද වනතුරු ඔප්පු කිරීමට සාධක මෙතෙක් හමුවී නැති බවය.
බොහෝ දෙනකු කතා වන පරිදි රාවණ රජුගේ රාජ සමය ලෙස පවසන ක්‍රි.පූ. 6000දී පමණ මෙරට පැවැතියේ ඉතා ප්‍රාථමික අවධියක් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවන බව ඔහු දක්වා සිටියේය.
බොහෝ දෙනකු පවසන පරිදි රාවණ රජු පිළිබඳ ලියැවුණු පුස්කොළ පොත් පිළිබඳ කීවද, ඒවා මෙතෙක් පුරාවිද්‍යාඥයන්ට හමුව නැති බවද ඒවායේ සඳහන්ව ඇතැයි පවසන උමං මාර්ග, න්‍යෂ්ටික අවි, දඬුමොනර ආදිය පිළිබඳ මෙතෙක් නිශ්චිත සාධක කිසිත් හමුනොවී ඇති බවද ඔහු කීවේය.
වැඩිදුරටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ බොහෝ දෙනකු ලංකාවේ කුමන පළාතකින් හෝ උමඟක් හෝ ස්වාභාවික උමං මාර්ගයක් හමුවූ පසු එය රාවණ රජුගේ උමඟක් යැයි ප්‍රකාශ කිරීමට පටන්ගන්නා බවද රාවණ රජුගේ මව, පියා, බිරිය, සහෝදරයන්, පුත්‍රයන් වැනි සියලු තොරතුරු ප්‍රකාශ කරමින් තාර්කික නොවන ඉතිහාසයක් මැවීමට බොහෝ දෙනකු උත්සාහ ගන්නා බවයි.

ඥානසාර හිමියන්ගේ දේශපාලන විග්‍රය - එදා හෙල උරැමයට සහ සරත් නන්ද සිල්වාට අබ සරන පැතු ඥානසාර හිමි අද ඹවුන්ගෙ යොජනාවලියට පිහිට පතයි



සෑම පැය දෙකකට එක්‌ අයෙක්‌ සියදිවි නසාගන්නවා


වැඩිම පිරිස දරුවන් හා යෞවනයින් - වසරකට 4000 ක්‌ - දිනකට 11ක්‌

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

ශ්‍රී ලංකාවේ දිවි නසාගැනීමේ දත්ත අනුව වැඩිම සංඛ්‍යාවක්‌ දිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු පහළවත් විසිපහත් අතර දරුවන් හා නව යෞවනයේ පසුවන්නන් යයි ගාල්ල උනවටුන රෝහලේ මනෝවෛද්‍යය විශේෂඥ කමනි රත්නවීර මහත්මිය පැවසුවාය.

ඇය මේ අදහස්‌ පළකළේ පසුගියදා ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී පැවැති රැස්‌වීමකදී අදහස්‌ දක්‌වමිනි.

ගාල්ල අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්‌වීමේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විශේෂඥ වෛද්‍ය කමනි රත්නවීර මහත්මිය මෙසේද කීවාය.

ළමයින් වගේම යොවුන් දරුවන් ගැනත් අපි කතා කළ යුතුයි. නව යෞවනයේ තියෙන නොයෙක්‌ හැසිරීම් රටාවන් ඒ ගොල්ලන්ගේ ශරීරය වැඩීමත් සමග හෝමෝන ක්‍රියාවලින් සමග දරුවන් ආවේගශීලී වෙනවා.

වසරකට දැනට හරදාහක්‌ පමණ සිය දිවි නසා ගැනීම් වාර්තා වෙනවා. ඒ කියන්නේ දිනකට එකොළොස්‌ දෙනෙක්‌ අපි ගතකරන හැම පැය දෙකකටම එක්‌ කෙනෙක්‌ මිය යනවා සිය දිවි නසාගැනීම්වලින්.

වෛද්‍ය විශේෂඥ කුමාර රත්නවීර - මෙසේ දිවිනසාගන්නා අයගෙන් වැඩිම දෙනෙක්‌ අවුරුදු පහළොවත් විසිපහත් අතර අයයි. දරුවන්ට ඇති වන ප්‍රශ්න හා ගැටලු හමුවේ මේ තීරණය ගන්නවා. ගොඩක්‌ අය දිවි නසා ගන්නේ ක්‍ෂණික තීරණ මතයි. මානසික රෝගීන්ම වෙන්නෙ ඕන නෑ. බොහෝවිට දිවි නසාගැනීම්වලට හේතු වෙන්නේ විශාදය හා මත්පැන් පානයයි.

දරුවන් යහමගට ගේන්න ගුරුවරුන් විශාල මෙහෙවරක්‌ කරනවා. පන්තියක ළමුන් හතලිහක්‌ හසුරුවන එක අමාරු කාර්යයක්‌. දරුවන්ට අධ්‍යාපනය දීම රටක්‌ පාලනය කරනවටත් වැඩිය අමාරු කාර්යයක්‌. මේ නවීන තාක්‌ෂණයත් සමග දියුණු වෙන ලෝකයේ දරුවන් හරි පැත්තට ගන්න අමාරුයි. මේ නවින තාක්‌ෂණය දැනට තියෙන උපකරණ නිසා දරුවන් යහමගට එන්නෙ නෑ. අපි දරුවන් පිළිබඳව ගොඩක්‌ විමසිලිමත් වෙන්න උවමනායි.

http://www.divaina.com/2014/10/29/provin06.html

Monday, October 27, 2014

ඥානසාර හිමියන්ගේ කාමය වරදවා හැසිරිමට උනන්දු කරවන බෞද්ධ විරොධි කතාව


ඥානසාර හිමියන්ගේ ඉහත ප්‍රකාශට අනුව හිමිවරැන් අන්‍යාගමික මධ්‍යස්තාන විනාස කලයුතුවන අතර ගිහි ජනයා කෙසේ හො ජනග්‍රහනය වැඩි කිරීමේ කාර්ය සිදු කලයුතුයි, මෙවැනි අසොබන ප්‍රකාශ මගින් හැගී යන කාරනාව වන්නේ බුදු දහමේ පැවත්වීමට ප්‍රචන්ඩත්වය සහ අසීලාචාර හැසිරිම් අත්ත්‍යවශ්‍ය වන බවයි, එමෙන්ම අහිංසාව කරැණාව වැනි උතුම් ගුනාංග කතාකල බුදු හාමුදුරැවන්ට කරන නිග්‍රහයක් නොවේදැයි කියා ඥානසාර හාමුදුරැවන්ගෙන් විමසිය යුතුයි.


ආගමක් ප්‍රචාරය කිරීම වැරැද්දක් නම් එදා අශෝක රජු මිහිඳු මාහිමියෝ එවමින් දේවානම්පිය තිස්ස රජුට බුදු දහම ගෙන කියාදීම වැරැද්දක් නොවේද? බෞද්ධ දර්ශනය  ආසියාතික රටවල්වලට ගෙනයන්නට අශෝක රජුවිසින් ගත් ක්‍රියාමර්ග ඥානසාර හාමුදුරැවන්ට අනුව වැරැදි සහ දඩුවම් දිය යුතු ක්‍රියාවකි, එදා දේවානම්බිය තිස්ස රජු සමයේ ඥාසාරවාදියෙක් සිටියෙනම් අනිවාර්යෙන්ම මිහිඳු මාහිමියන්ට අශෝක රජුගේ පනිවුඩය ගේන්නට සහ බුදු දහම ප්‍රචලිත කරන්නට ඉඩක් නො ලැබෙන බව සහතිකයි. 

Sunday, October 26, 2014

එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර තහංචි ලිහිල්වීම ශ්‍රී ලංකාවට භයානක අනතුරක්‌!



යුරෝපා සංගමයේ පොදු අධිකරණය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයට පනවා තිබූ තහනම පසුගියදා ඉවත් කිරීම එල්. ටී. ටී. ඊ. සංවිධානයට තිබෙන ජාත්‍යන්තර තහංචි එකිනෙක අහෝසි වීමේ ක්‍රියාදාමයක ආරම්භයක්‌ බව විචාරකයන්ගේ මතයයි. මෙය ශ්‍රී ලංකාවට එල්ල කළ සරදමක්‌ සහ අභියෝගයක්‌ බව පවසන ආචාර්ය දයාන් ජයතිලක එල්. ටී. ටී. ඊ. යට පනවා ඇති ජාත්‍යන්තර තහංචි ඉවත් කිරීම ශ්‍රී ලංකාවට බලවත්
අනතුරක්‌ බව ද අවධාරණය කරයි.

යුරෝපයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම පසුගියදා ඉවත් කළා?

එල්.ටී.ටී.ඊ. යට පනවා තිබූ තහනම ඉවත් කළේ යුරෝපා සංගමයේ අධිකරණයයි. මෙහිදී වරදකරුවා බවට පත්වී සිටින්නේ යුරෝපා සංගමයයි. ඇත්තවශයෙන්ම මෙය යුරෝපා සංගමය ගෙන තිබූ තිරණයකට එරෙහිව අධිකරණයක්‌ ගත් තීන්දුවක්‌. උදාහරණයක්‌ විදිහට ශ්‍රී ලංකාවේ උසාවියකින් ආණ්‌ඩුව ගත්තු තීරණයකට එරෙහිව තීන්දුවක්‌ දුන්නොත් එය ආණ්‌ඩුවේ ක්‍රියාවක්‌ නෙමෙයි. උසාවියේ ක්‍රියාවක්‌. මෙහිදී සිදුවුණෙත් එවැනි දෙයක්‌. ඇත්ත වශයෙන්ම මෙය යුරෝපීය පොදු අධිකරණයේ තීන්දුවක්‌.

ශ්‍රී ලංකාවට හෝ යුරෝපා සංගමයේ රටවල්වලට මේ තීන්දුව ප්‍රකාශයට පත්වීම වළක්‌වා ගන්න බැරිවුණේ ඇයි?

යුරෝපා සංගමයේ රටවල් මීට වඩා ක්‍රියාශීලීව සාක්‍ෂි ගොනු කරල ඉදිරිපත් කළා නම් සමහරවිට මේ තීන්දුව ප්‍රකාශයට පත්වීම වළක්‌වාගත හැකිව තිබුණා. ශ්‍රී ලංකා ආණ්‌ඩුවත් මීට වඩා සාර්ථකව සාක්‍ෂි ගොනු කරල යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හරිහැටි කළමනාකරණය කළා නම් මේ තීන්දුව වළක්‌වා ගන්න තිබුණා. යුරෝපා සංගමයේ සාමාජික රටවල්වල අදාළ ආයතන මේ උසාවිය හමුවට ගොස්‌ මේ ප්‍රශ්නය ගැන එතරම් සැළකිල්ලකින් කරුණු ඉදිරිපත් කරල නැත්නම් එයට හේතුව ශ්‍රී ලංකා ආණ්‌ඩුව මේ වැදගත් ප්‍රශ්නයේදී යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමඟ නිසි ලෙස කටයුතු නොකිරීමයි. ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවල් හරි හැටි කළමනාකරණය කරන්නේ නැත්නම් මේ ප්‍රශ්නයේදී එම රටවල් කරඇරියා වන්නත් පුළුවන්. මා එය ස්‌ථිරවම කියන්නේ නෑ. උපකල්පනයක්‌ පමණයි. එක්‌කො මේක දේශපාලන තීන්දුවක්‌, නැත්නම් ශ්‍රී ලංකාව හා ලංකාණ්‌ඩුව ගැනත් යුද්ධය හා කොටි සංවිධානය ගැනත් ඔවුන් දරණ මතයන්වල සිදුව ඇති අහිතකර ප්‍රතිඵල නිසා ඇතිවූවක්‌. මෙයින් පෙනෙන්නේ යුරෝපයේ අද වාතාවරණය ශ්‍රී ලංකාවට අවාසි වන ලෙසට සහ කොටි සංවිධානයට වාසි සහගත වන ලෙසට වෙනස්‌ වෙමින් පවතින බවයි.

මේ තීන්දුව පිළිබඳ යුරෝපා උසාවිය කළ විග්‍රහයේදී එල්.ටී.ටී.ඊ. ය තහනම් කර තිබුණෙ අන්තර් ජාලයෙන් හා පුවත්පත්වලින් ලබාගත් සාක්‍ෂි මත බව ප්‍රකාශ කළා. නමුත් එල්.ටී.ටී.ඊ. ය කළ බිහිසුණු අපරාධ දෙස බලන විට ඔවුන් ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ බවට පෙන්වාදීමට සාක්‍ෂි ඕනෑතරම් තිබෙනවා?

ලංකාණ්‌ඩුව මේ උසාවි ක්‍රියාවලිය හරි හැටි නිරීක්‍ෂණය කර අවශ්‍ය කාර්යක්‍ෂමතාවයෙන් යුතුව ඊට මැදිහත් නොවූ බව එයින්ම පෙනෙනවා. එල්.ටී.ටී.ඊ. යට එරෙහිව සාක්‍ෂි එකතු කිරීමේ දී යම් ඌනතාවයක්‌ සිදුවී තිබෙන බව උසාවිය කළ එA ප්‍රකාශයෙන්ම පැහැදිළියි 2006 දී කොටි සංවිධානය තහනම් කළ අවස්‌ථාවේ දී එවැනි සාක්‍ෂි සෑහෙන ප්‍රමාණයක්‌ තිබුණා. ඒ තහනම සිදු කළේ හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ප්‍රතිචාර දැක්‌වීමක්‌ හැටියටයි. එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ව සිටි පලිහක්‌කාර මහතා විසින් ශ්‍රී ලංකාවේ ඒ උත්සාහය ඉතා හොඳින් කළමනාකරණය කළා. ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාගේ වැන්දඹුව වූ සුගන්ධිකා කදිරගාමර් මහත්මිය ජාත්‍යන්තර සංවිධානයක නීතිය පිළිබඳ නිලධාරිනියක ලෙස සිටි නිසාත් ඇය පෞද්ගලිකව සියලු රටවලට ගොස්‌ එතුමියගේ මියගිය සැමියාගේ මිතුරන් සියලුදෙනා හමුවී එහි ඉහළ මට්‌ටමේ සිටි මිතුරන් මේ මතයට නම්මවාගෙන කොටි සංවිධානය තහනම් කිරීමට විශාල කාර්යභාරයක්‌ සිදුකළා. සුගන්ධිකා කදිරගාමර් මහත්මිය මේ ආණ්‌ඩුව විසින් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්වලට පාවිච්චි නොකිරීම විශාල දුර්වලකමක්‌. මෝඩකමක්‌.

2006 එල්.ටී.ටී.ඊ.ය තහනමට කදිරගාමර් මහතාගේ ඝාතනය මූලික වුණත් 2014 වනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් ප්‍රාථමික සාක්‍ෂි විශාල ප්‍රමාණයක්‌ ලංකාණ්‌ඩුව අතේ තියෙනව. මේ ප්‍රාථමික සාක්‍ෂි ඉතා හොඳට ගොනුකර යුරෝපා සංගමයේ සියලු රටවල අදාළ ආයතනවලට භාරදී ඔවුන් ලවා මේ යුරෝපා අධිකරණයට ඒවා ඉදිරිපත් කරවන්නට අවස්‌ථාව තිබුණා. ලංකාණ්‌ඩුව එය කිරීමට උත්සාහ නොකිරීම හෝ කළා නම් ඒ උත්සාහය අසාර්ථක වූ බව මේ නඩු තීන්දුවෙන් පැහැදිලිව පෙනෙනවා.

මේ නඩු තීන්දුව එල්.ටී.ටී.ඊ. සංවිධානය කොයි විදිහට ප්‍රයෝජනයට ගනියි ද?

මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානය ලැබූ විශාල ජාත්‍යන්තර ජයග්‍රහණයක්‌. ඕනෑම රටක උසාවි ක්‍රියාවලියක්‌ ගත්විට එක උසාවියකින් දෙන තීන්දුව වෙනත් උසාවියකදී හෝ පසු කලෙක එම උසාවියේදීම වුවත් පූර්ව නිදර්ශනයක්‌ ලෙස ගත හැකියි. යුරෝපා පොදු උසාවියේ ගත් මෙම තීන්දුව යුරෝපයේ ඒ ඒ රටවලත් ඇමරිකාව ඇතුළු වෙනත් රටවලත් උසාවිවලට පූර්ව නිදර්ශන හැටියට එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව එල්.ටී.ටී.ඊ.යට එරෙහි තහංචි එකින් එක ගැලවී යැමේ බියකරු ක්‍රියාවලියක මේ ආරම්භය විය හැකියි. ඒ අතරවාරයේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඡන්දවලින් ශ්‍රී ලංකාව වසර තුනක්‌ පිට පිට පරාජය වීම නිසා ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ලක්‌වෙලා තිබෙනවා. කොටි සංවිධානය මත ඇති ජාත්‍යන්තර තහංචි එකිනෙක ලිහිල්වෙද්දී තව මාස කිහිපයකින් ශ්‍රී ලංකාව මතට තහංචි පැනවීමේ තත්ත්වයක්‌ මතුවන්නට පුළුවන්. මෙය විශාල සරදමක්‌ මෙන්ම ෙ€දවාචකයක්‌.

මේ තහනම ඉවත් කිරීම නිසා අපේ රටට එල්ලවෙන තර්ජනය කෙබඳු එකක්‌ද?

මේ තහනම ඉවත් කිරීමෙන් එල්ලවන්නේ යුදමය තර්ජනයක්‌ නොවෙයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි යුදමය වශයෙන් සංවිධානය වීමට බටහිර රටවල් හෝ ඉන්දියාව හෝ ඉඩදේ යෑයි සිතිය නොහැකිය. නමුත් මූලෝපායික වශයෙන් ශ්‍රී ලංකාවට මෙයින් විශාල තර්ජනයක්‌ එල්ල වෙනවා. එල්.ටී.ටී.ඊ. ය යළි උණුසුම් යුද්ධයකට එළඹේ යෑයි සිතන්න බෑ. ශ්‍රී ලංකාවට එරෙහිව උණුසුම් යුද්ධයක්‌ එල්ල වන්නේ නම් එය දියත් වන්නේ ජාත්‍යන්තර හා කලාපීය බලවතුන් විසිනුයි. එයත් සිදුවන්නේ දෙමළ ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර හා කලාපීය බලවතුන් සාර්ථකව මෙහෙයවීමට සමත් වුවහොත් පමණි. කොටි ඩයස්‌පෝරාවේ ඉලක්‌කයත් එවැනි තත්ත්වයක්‌ කරා යැම බව සිතීමට ඕනෑ තරම් සාක්‍ෂි තිබේ. දේශීය වශයෙන් කරන යුද්ධයකින් ශ්‍රී ලංකාව පැරදවිය නොහැකි බව දෙමළ ඩයස්‌පෝරාව දැන් වටහාගෙන හමාරය.

ජාත්‍යන්තර හා කලාපීය බලවතුන් මෙහෙයවා උණුසුම් යුද්ධයකින් ශ්‍රී ලංකාව පරාද කිරීමට නම් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ හා ජාත්‍යන්තර නීතිය තුළ මෙන්ම ජාත්‍යන්තර සිවිල් සමාජය හෙවත් ජාත්‍යන්තර ජනමතය තුළ ඔවුන්ට වාසිදායක වාතාවරණයක්‌ ඇතිකර ගත යුතුය. එම උත්සාහයට අප කියන්නේ සීතල යුද්ධයක්‌ කියායි. පසුගිය වසර කිහිපය දෙස බලද්දී පෙනෙන්නේ ලංකාණ්‌ඩුව උණුසුම් යුද්ධයෙන් ජයග්‍රහණය කළත් සීතල යුද්ධයෙන් පරාජයෙන් පරාජයට පත්වී ඇති බවයි. යුරෝපා අධිකරණය ලබාදුන් මේ තීන්දුවත් සීතල යුද්ධයෙන් පරාද වෙමින් සිටින අපේ රට ලැබූ තවත් පරාජයක්‌. උණුසුම් යුද්ධයකින් කළ නොහැකි බොහෝ දේ සීතල යුද්ධයකින් කළ හැකි බව ලෝකය දෙස අද බලනවිට පැහැදිලි කාරණයකි. හිට්‌ලර්ගේ හමුදාවට පරාජය කරන්නට බැරි වූ සෝවියට්‌ දේශය එක වෙඩිල්ලක්‌වත් පත්තු නොකොට දිය වී යන තැනට පත්වූණේ සීතල යුද්ධයෙන් සෝවියට්‌ දේශය පැරදුණු නිසාය. සීතල යුද්ධයෙන් සෝවියට්‌ දේශය සහ නැගෙනහිර ජර්මනියත් පරාජයට පත්වුණේ ඕනෑවට වඩා මෘදු පාලනයක්‌ ඇති කිරීම නිසා නොව ඕනෑවට වඩා තද පාලනයක්‌ ඇතිකර ඒ තද පාලනය මානවයාගේ නිදහස පිළිබඳ හැඟීම්වලට පටහැනි වූ නිසාය.

සීතල යුද්ධය ජයග්‍රහණය කරන්නට නම් එය ඉලක්‌ක කරගත් රාජ්‍යයේ ප්‍රතිරූපය අවලක්‍ෂණ විය යුතුය. එය බාහිර වශයෙන් කළ හැක්‌කක්‌ නොවේ. කියුබාවට එරෙහිව ඇමරිකාව කොපමණ පියවර ගත්තත් කියුබාවට එරෙහිව කිසිදු ජයග්‍රහණයක්‌ ලබා ගන්නට ඇමරිකාවට බැරි වුණේ ඒ නිසයි. ඒ කියුබාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉතාමත් කීර්තිමත් නිසයි. ශ්‍රී ලංකාව සීතල යුද්ධයෙන් පරාජයෙන් පරාජය ලබන්නේ එක අවස්‌ථාවක්‌ හැරුණුවිට ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දේශීය බලවේග සහ ආණ්‌ඩුවේ කටයුතු නිසා ඉතාමත් අවලස්‌සන ආකාරයට ඉදිවී ඇති බැවිනි. ඒ එකම අවස්‌ථාව නම් 2009 මැයි 26 - 27 එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය, ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන්නට උත්සාහ දැරූ බටහිර යෝජනාව පරාජය වූ අවස්‌ථාවේදීය. ඒ අවස්‌ථාව හැරුණු විට අනෙක්‌ හැම අවස්‌ථාවකදීම ජාත්‍යන්තර රණබිමේ ශ්‍රී ලංකාව පරාජයෙන් පරාජයට පත්වී තිබේ. මේ යුරෝපා උසාවි තීන්දුවෙනුත් අපට පෙනෙන්නේ සීතල යුද්ධයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පරාජයට පත්වීමේ භයානක තත්ත්වයක්‌.

මේ යුරෝපා අධිකරණ තීන්දුව ආපසු හරවන්නට ශ්‍රී ලංකා රජයට ගත හැකි ජාත්‍යන්තර ක්‍රියාමාර්ග තිබෙනවාද?

ඕනෑම අධිකරණයක අභියාචනා ක්‍රියාවලියක්‌ තිබෙනවා. මේ අභියාචනා ක්‍රියාවලියට ශ්‍රී ලංකාව මැදිහත් විය යුතුයි. ඒ සඳහාත් ක්‍රම දෙකක්‌ තිබෙනවා. සෘජුවම මැදිහත් වීම එක ක්‍රමයක්‌. යුරෝපා රටවල් හරහා අභියාචනයක්‌ ඉදිරිපත් කිරීම තවත් ක්‍රමයක්‌. මේ ක්‍රියාදාමයන් දෙකම සමාන්තරව පාවිච්චි කිරීම මේ මොහොතේ ප්‍රඥවන්ත ක්‍රියාදාමයයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

http://www.divaina.com/2014/10/26/politics03.html

Wednesday, October 22, 2014

අබ සරනයි


ඥානසාර හිමියන්ගේ මහ මැතිවරන සිහිනයට අබ සරනයි


රතන හිමියන් හිටිහැටියේ නින්දෙන් ඇහැරී වගේ කටයුතු කිරීම නාඩගමක්‌ - ගලගොඩඅත්තේ ඥනසාර හිමි


සිරිමන්ත රත්නසේකර

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු යෑයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (21 වැනිදා) සඳහන් කළහ.

මෙරට විපක්‍ෂයක්‌ නැති කිරීමට වගකිව යුත්තේ ඒ මහතා බවත් ඔහු අගවිනිසුරුව සිටියදී මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීමට හැකිවන පරිදි තීන්දුව නොදුන්නේ නම් අද රටේ විපක්‍ෂයක්‌ පවතින බවත් උන්වහන්සේ කීහ.

එහෙව් පුද්ගලයකු විසින් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සැකසීම කොතරම් උචිත දැයි ප්‍රශ්න කළ උන්වහන්සේ ඒ සඳහා සරත් එන් ද සිල්වා මහතාට සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බවත් සඳහන් කළහ.

පිවිතුරු හෙටක්‌ සංවිධානය සමග කිසිදු ගනුදෙනුවක්‌ නොමැති යෑයි කී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ රතන හිමියන් හිටිහැටියේ නින්දෙන් ඇහැරී වගේ කටයුතු කිරීම නාඩගමක්‌ බවත් කීහ.

කෙසේ වෙතත් හෙළ උරුමය සහ සිය සංවිධානය යනුයේ එකම "ලයින්" එකේ බවත් උන්වහන්සේ කීහ.

සිය සංවිධානය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් සිටින බළල් අතක්‌ නොවන බවත් කී උන්වහන්සේ ආණ්‌ඩුවේ ගමන පිළිබඳව ජාතික බලවේගයන්ට සෑහීමකට පත්විය නොහැකි බවත් චෝදනා කළහ.

විධායකයේ බලතල සීමා විය යුතු බවත් මුස්‌ලිම් හා දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කරන තෙක්‌ විධායකය තිබිය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (21 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

http://www.divaina.com/2014/10/22/news19.html

Buddhism, The Lack Of It And Abuses By Its Flag Bearers

Muhammed Fazl
Muhammed Fazl
“It is a man’s own mind, not his enemy or foe that lures him to evil ways” – Gautama Buddha
Historians of Buddhism in Sri Lanka may or may not have interpreted historical scriptures based on facts or opinions… but none of it matter anymore since Buddhism has lost its value and its importance thanks largely to its ineffectiveness in matters concerning governance, rule of law and social justice. Bitter it may be to some to swallow, but Sri Lanka was never a Buddhist country. The need to look for alternative and effective sources of guidance in leading the masses towards spiritual enlightenment is now a matter of great exigency.
60% of the population claiming to be Buddhists or the belief in the legend where Lord Buddha supposedly had arrived in Sri Lanka centuries ago does not make this a Buddhist country. For it to be rightly called such, it need to be governed by teachings of Buddhism as in the case of Islamic countries where Islamic Sharia is the source of governance. Buddhism as a state religion in this country has been a failure since none of the governments in power paid any serious attention in being guided by its teachings. Sri Lanka with one of the highest cases of rape, suicide, murder, theft, racial intolerance, alcohol consumption and the addiction for gambling has also contributed in negating the influence of Buddhism.
buddhist_monks_protestThe Thripitakaya, written 500 plus years after the death of Gautama Buddha with 80,000 plus sermons to follow, how it came to be written or questions of its authenticity is no more important as long as its teachings are useful, if followed that is. Whatever religion one may follow, the beauty of the Buddhist philosophy or its sensibility cannot be easily disputed or denied.
The state religion and a religion of tolerance, interpreted, distorted and disregarded by many and being used mostly for profits and politics in present chimes, seeing its teachings being relegated to mere rituals is indeed unfortunate. In order to attract the disinterested lot, copying ritualistic practices from the Hindu faith and construing it as divine ones makes it an even more pathetic sight.
What could have befallen in the ‘land of Buddha’ where erosion of values and practices have resulted in a sense of spiritual bankruptcy, especially amongst the flag bearers of its faith?
Lord Buddha expected his followers to discover the truth themselves and not just believe in what the scriptures say. But this ‘truth’ can be subjective and interpreted in many ways especially when living in a multi-religious country such as ours. Guidance it may be, but how many of our own monks have memorized or know the meaning of the entire scripture, let alone the ones in Pali or Sanskrit languages? As for the ordinary faithful, by and large, belief in Buddhism or the pagan ritualistic practices are somewhat a fashion statement to portray and justify one’s non-existent sense of piety.
Wearing a simple saffron-colored robe does not qualify one to deserve respect when attributes of old-age, wisdom, achievements in the service of humanity or piety does not exist. Rapists, pedophiles, thieves, murderers seeking sanctuary in temple premises donning monk’s robes is a common sight and more often than not, it is as a cover from their ‘colorful’ pasts and as a refuge from prosecution by the long arm of the law.
While the process of ordaining of monks as well as disrobing them are seriously flawed and non-existent in most cases, I always questioned the judgment of my countrymen in bowing down to nefarious characters wearing monk’s robes. Questions arising from centuries old practices such as worshipping or praying to lifeless sculptures/statues, Bo trees, chanting Pirith, tying threads around wrists, anointing oil on the head, and ‘religious’ processions (Peraharas) etc., seriously needs to be addressed when one’s proper conduct is absent or contrary to the teachings of Lord Buddha.
Child Monks 2While Nirvana (Nibbana) can be achieved only when the fire of greed and hatred is extinguished, in practical terms, the state of Dukkha (complete peace) can be achieved only if no money is transacted, when detached from luxuries in life and worldly pleasures, when not in a state of intoxication or when non-violent or not dishonest among other positive attributes. Expecting majority of current day monks to abide by Vinaya (rules of discipline) would be unrealistic and herein arises the question of identifying the pious from the devious.
One’s piety is for himself/herself and for them alone the rewards for their good deeds. Their actions, sincere or otherwise, need not have a bearing on another or for it to be a reason for worship. The Muslims that I am, I believe only the God above knows the level of piety among his creatures. Hence, I seriously question the actions of my countrymen in bowing down to another mortal who in reality could be a child molester, rapist or a murderer etc.
Most of the Buddhist temples in this country are cash cows and havens for pedophiles and the deprived homosexuals. Little boys as young as six are left at the mercy of grown up men who supposedly have ‘denounced’ sexual relationships and who claim to live a ‘life of celibacy’. Men and women were created to love each other, so it is in line with nature for one to be attracted to the opposite sex. Deprivation often leads to the unnatural kind, mostly involving minors who are vulnerable and easily available in these situations. When little Samaneras (little boys) get used to living with the forced pleasurable pain, they too learn to impose themselves on the vulnerable when they grow up. The cycle continues with a strict code of silence largely due to abandonment by their parents when young and when left with no other alternatives for sustenance outside the temple premises. Research has taught us that sexual violence are perpetrated mostly by men who were themselves victimized when young.
Investigating activities of every Buddhist temple in this country would reveal the prevalence of misappropriation of charity funds, homosexuality, escapades of sex between monks and prostitutes and Tele-drama actresses, alcohol/drug abuse and child abuse among others. Inactions of the four Mahanayake chapters in eradicating the abuses and corruption would also make them complicit should they continue with their silence. Unfortunately, the relationship between every government in power and the Buddhist clergy is so strong, that an impartial investigation in to the activities of monks and their ‘places of worship’ would never see light of day.
Crusaders of justice that we all should be, this is my personal attempt in rescuing my Sinhala Buddhist brethren from the evil that has engulfed them all along. In the meantime and in conclusion, I sincerely hope concerned authorities would address the following issues and concerns,
1. Why Buddhist temples are allowed to collect funds when it is the responsibility of the State to protect and foster Buddhism? Is it also not a code of conduct in the Buddhist Vinaya for the monks not to handle money? And if they do, will it not lead to misappropriation and abuse of public funds? With so many accusations levelled at Islamic places of worship for raising money which could fund ‘Islamic extremism’ as allegedly, is it not evident with outfits like BBS linked temples instigating terror and violence against minorities only after raising vast amounts of funds?
2. What is the criteria in ordaining a monk and if exist a system to disrobe them when they act on the contrary to its teachings, has it ever been exercised? And if so, why wasn’t BBS general secretary Gnanasara not punished or disrobed for his despicable behavior?
3. Is it legal for children to be trained in monkhood when they are young as six and when their primary education should be made compulsory? Would it be correct to force religious teachings and religious teachings only when they are little kids and prevent them from having a normal childhood and dreams of a life of their choice?
4. Does the Child Protection Authority visit any of the temples if not all of them to investigate cases of pedophilia and child abuse? And would it be safe to leave them in the company of unrelated males with no women to look after them? Would it also not be advisable for the Authority to make regular visits to inspect the wellbeing of children in the care of monks?
5. What is the role of the Ministry of Buddha Sasana vis-a-viz temples? Shouldn’t they implement a code of conduct and also look into modern day Buddhist beliefs and practices?
6. If monks are allowed to dabble in politics, would it be unfair to other political parties since temples attract tax free funds and also enjoy many subsidized facilities since they are registered as charity organizations.
7. If monks are allowed to enter the political arena, would it not be a case of using religion (which is most dear to a sizable section of the ignorant voter base) to achieve power and wealth?
8. Why the age old practice of veneration of another mortal and the need to give prominence and priority in public places, buses, trains etc., when one’s faith is a personal matter?
*The writer is an independent social/political activist and can be contacted on muhammedfazl@msn.com and through FB Fazl Muhammed Nizar

මැවුම්කරුවෙකු සිටිනවාද ? (පළමු කොටස) Is There a Creator? (Episode 1)

Monday, October 20, 2014

Maithri Files Case Against Gnanasara Thera For Using Abusive Language In Court Premises

Maithri Files Case Against Gnanasara Thera For Using Abusive Language In Court Premises
UNP Former Southern Provincial Councilor Maithri Gunaratne today filed a case against Bodu Bala Sena General Secretary Galagodaaththe Gnanasara Thera for insulting him in abusive language inside the Colombo Fort Magistrate Court premises in June, this year.
Gunaratne, who is a lawyer, appeared on behalf of Vatareka Wijitha Thera in a court case involving the Bodu Bala Sena and the Jathika Bala Sena, led by Wijitha Thera.
Subsequent to the incident, Gunaratlodged a complaint against BBS General Secretary Galagodaaththe Gnanasara Thera saying the latter called him a "dog" at the Colombo Fort Magistrate Court premises when the case was taken up for hearing.
According to the complaint, Gnanasera Thra had called Gunaratne names after the hearing of the case at the Fort Magistrate Court on June 09. The Buddhist monk had allegedly made this remark while leaving the court premises in his "Montero".
Colombo Fort Magistrate Thilina Gamage today instructed to file charge sheet against Galagodaaththe Gnanasara on December 09 to see whether there is a possibility for a settlement.

Meanwhile the Colombo Fort Magistrate also ordered on release Galagodaaththe Gnanasara Thera - who appeared before the Fort Magistrate Court in connection with the commotion which took place at Nippon Hotel, Colombo, few months ago – on previous bail conditions

Sunday, October 19, 2014

Lifting The Ban On LTTE Could Boomerang On EU: BBS


Filed under: Colombo Telegraph,News,STORIES | 
The Bodu Bala Sena (BBS) has warned the European Union that the decision made by the General Court of the EU (CVRIA) to lift the proscription on the LTTE could boomerang on them.
BBS Gnanasara
BBS Gnanasara
Issuing a statement on the CVRIA decision to lift the ban, the organisation has pointed out that a strong possibility of the LTTE revivalists collaborating with Muslim extremist groups exists as evidenced by their past interactions with terrorist groups worldwide and has stated that the verdict given by the CVRIA has not only placed Sri Lanka in a position of grave danger but the whole of South Asia as well as Europe.
They have therefore called upon Indian, American and European intelligence services to immediately launch an investigation into the verdict and work towards revoking the ban.
Expressing their concern and objection over the CVRIA ruling, the BBS has noted it has placed the entire world on the brink of instability.
“There is a vicious conspiracy operating behind this decision – this ruling might be the result of substantial parties that might have bribed their way into getting this verdict through offering substantial funds,” the organisation has pointed out.
Furthermore they have pointed out that the decision should not have been to lift the ban but to probe into the reasons that led to imposing the ban in 2006 and on why a formal investigation was not carried out prior to implementing the decision.
They have also criticized the External Affairs Ministry, diplomats and organisations that represent the Sinhalese communities living in Europe, for remaining ineffective and for not acting with wisdom.
Furthermore, the BBS has noted that this decision has further proven the warnings they made about the rise of terrorism during the summit of Buddhist monks held a few weeks ago.
Meanwhile the Terrorism Research & Analysis Consortium (TRAC), early this year has classified Sri Lanka’s Bodu Bala Sena as a ‘terrorist organization’.
When Colombo Telegraph asked why the TRAC profiled the BBS as a terrorist organization, the TRAC said; “their actions resemble acts of terror against soft targets as well as infrastructure that symbolises Muslim and Christian religions. Their acts indicate a willingness to engage in violent acts as to further their cause.”
Related posts;

මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ඉල්ලපු අපට දැන් ලජ්ජයි

October 19, 2014 at 12:01 am | Lanka C news

මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ඉල්ලපු අපට දැන් ලජ්ජයිදේශපාලන ලෝකය ගිනිගත් ගිනිහල් ගෙයක් බවට පත්වෙමින් තිබේ. සම්මත, සාම්ප‍්‍රදායික ආකෘති පුපුරා යමින් තිබේ. තාක්ෂණික පර්යේෂණ හා පරමානුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ උණුසුම් කතාබහ එයට නිදසුනකි.
ප‍්‍රශ්නය:- ඌව පළාත් සභා ප‍්‍රතිඵලය දිහා ආණ්ඩුවට සුබවාදීව බලන්න බෑ කියලා මතයක් තියෙනවා.
පිළිතුර:- ඌව කියන්නේ රටේ තියෙන පුංචිම පළාත් සභාව. ඌව පළාත් සභාවේ ප‍්‍රතිඵලයෙන් හෝ පළාත් සභා මැතිවරණයක ප‍්‍රතිඵලයකින් ජාතික මැතිවරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න අමාරුයි.
ප‍්‍රශ්නය:- නමුත් සමස්ත ප‍්‍රතිඵලය ගත්තොත්?
පිළිතුර:- ඔව්. සමස්ත ප‍්‍රතිඵලය ගත්තොත් 2012 නැගෙනහිර පළාත් සභාවෙන් ආරම්භ වෙලා 2014 දී ඉඩවර වෙච්ච ඌව පළාත් සභා ප‍්‍රතිඵලය සහ අතිශයින් වැදගත් දේශපාලනික වශයෙන් සංවේදී බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණය මෙන්ම උතුර හා නැගෙනහිර පළාත් සභා ප‍්‍රතිඵලය ගත්තොත් ඒවා තමයි රටට වැදගත් පළාත් සභා ප‍්‍රතිඵලය වෙන්නේ. මේ ප‍්‍රතිඵල ගත්තොත් පැහැදිලි ලකුණු කිහිපයක් දකින්න තියෙනවා. රටේ ඡන්ද දායකයෝ ඉන්නවා එක්කෝටි හතළිස් පන්ලක්ෂයක්, මේ ලක්ෂ එකසිය හතළිස් පහෙන් පළාත් සභා මැතිවරණවලදී අනුහය ලක්ෂයක් ඡන්දය දීලා තියෙනවා. ඒවායින් වලංගු ඡන්ද අනූ දෙලක්ෂයයි. ඒ කියන්නේ සියයට 66 ක් විතර ඡන්දය ප‍්‍රකාශ කරලා තියෙනවා. මේක ටිකක් හොඳ ප‍්‍රතිශතයක්. මොකද මෙයට පෙර පළාත් සභාවලදී සියයට පනස් පහක් විතර තමයි ඡන්දය දාලා තියෙන්නේ. ඒ සියයට 66 ක අනූ දෙලක්ෂයක ඡන්දවලින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද හතළිස් නව ලක්ෂයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 53 ක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඡන්ද විසිහතර ලක්ෂයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ සියයට 26 ක්. ඒ නිසා ඔය තිස්ස අත්තනායක මහත්තය කියන විදියේ සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් රටේ නැහැ. ඒ ගොල්ලන්ට තියෙන්නේ සියයට 26 යි. ඒක තමයි යථාර්ථය.
ප‍්‍රශ්නය:- නමුත් ජවිපෙ වේගවත් ප‍්‍රගතියක් පෙන්නුම් කරලා තියෙනවා.
පිළිතුර:- ඇයි දෙමළ සන්ධානය. ඒ අය උතුරේ හා නැගෙනහිර ඡන්ද පන්ලක්ෂ හතළිස් හත්දාහක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපට පේනවා එල්ටීටීඊය පාලන බලය උසුලනවා හා සමානව දෙමළ ජාතිවාදි ඡන්දත් වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ඔබ කිව්වා වගේම ජනතා විමුක්ති පෙරමුණ තුන්ලක්ෂ හැටහය දාහක් ඡන්ද අරගෙන තියෙනවා. ෆොන්සේකා මහත්තයා තුන්ලක්ෂ හැත්තෑහය දාහක් අරගෙන තියෙනවා. ෆොන්සේකා මහත්තයාගේ වර්ධනය ඌවෙන් අවසන් වුණා. ඒ වගේම මුස්ලිම් කොංග‍්‍රසය දෙලක්ෂ විසිහය දාහක් ඡන්ද අරගෙන තිබුණා. හකීම් මහත්තයාට දස ලක්ෂයක් ඡුන්ද තියෙනවා කියන කතාව පට්ට බොරුවක්. මේ අර්ථයෙන් අපි අරගෙන බලනකොට මේක තමයි සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය. මේ ඡන්ද ප‍්‍රතිඵලයමත ඉඳගෙන එක්සත් ජාතික පක්ෂය කේක් කන්නේ කොහොමද කියලා මට ප‍්‍රශ්නයක් මතුවෙනවා.
ප‍්‍රශ්නය:- ඔබ කියන්නේ ආණ්ඩුවට කිසිම ප‍්‍රශ්නයක් නැහැ කියලයි.
පිළිතුර:- නෑ. ආණ්ඩුවට ප‍්‍රශ්නයක් තියෙනවා. 2010 ජනාධිපතිවරණයේදී අපි ගත්ත හැට ලක්ෂයක් ඡුන්ද. ඒ හැට ලක්ෂයෙන් දස ලක්ෂයක්ම සන්ධානයෙන් ගිලිහිලා තියෙනවා. මෙතැනදී සන්ධානය කියපු එක කාරණාවක් තමයි පළාත් සභාවලදී සියයට 65 යි ඡුන්දය දෙන්නේ. ජනාධිපතිවරණයකදී සියයට 75 ක් ඡන්දය දෙනවා. එතකොට ඒ ඉතිරි සියයට දහය ඡන්දය දෙනකොට ඔය අඩුපාඩුව මඟ හැරෙනවා කියලා.
ප‍්‍රශ්නය:- නමුත් ඌවේදී සියයට 76 ක් ඡුන්දය දුන්නා.
පිළිතුර:- ඔව්. ඒක තමයි මම කියාගෙන ආවේ. සියයට 76 ක් ඡන්දය දුන්නා කියලා සන්ධානයට 2010 ඡුන්ද ප‍්‍රතිශතයට වඩා අඩු ඡුන්ද ප‍්‍රතිශතයක් තමයි ලැබුණේ. ඒ කියන්නේ ඡන්දය නොදී ගෙදර හිටපු පිරිස සන්ධානයට ඡන්දය දෙන අදහසක් නැහැ. ඒ අනුව බැලූවම බරපතළ අනතුරු ඇඟවීමක් මෙතැන තියෙනවා. ඒ කියන්නේ රටෙන් සියයට 75 ක් ඡන්දය දෙන තත්ත්වයක් යටතේ සන්ධානයට සියයට 50 නැති තත්ත්වයක් තියෙන්නේ.
ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි.
පිළිතුර:- අනිවාර්යෙන්ම ඔව්. ප‍්‍රධාන කාරණය තමයි…. සාමාන්‍යයෙන් පළාත් සභාවක ඡුන්ද ප‍්‍රතිඵලයයි ජනාධිපතිවරණයක ඡන්ද ප‍්‍රතිඵලයයි සන්සන්දනය කරන්න බෑ. රාජ්‍ය බලය සමග පළාත් සභා ඡන්දයකදී කිසියම් ප‍්‍රතිශතයක් ඡන්දය දෙනවා. හැබැයි රාජ්‍ය බලය ඇදවැටෙනවා යැයි කියලා විශ්වාසයක් සහිත ජනාධිපතිවරණයකදී වෙනසක් පිළිබඳ හැඟීමක් එහෙම ආවොත් රාජ්‍ය බලය තිබුණ කියන එක වැදගත් වෙන්නේ නැහැ. සල්ලි බෙදුවද, කෑම බෙදුවද, ලෑන්ඞ් රෝවල් කීයක් ගියාද පාරවල් කීයක් කාපට් කළාද කියන එක වැදගත් වෙන්නේ නැහැ. 2004 පළාත් සභා ඡන්දයයි 2009 ජනාධිපතිවරණයයි ගත්තම ආණ්ඩුවට සියයට 5 යි 10 අතර ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි වුණා. 2009 පළාත් සභාමැතිවරණයයි 2010 ජනාධිපතිවරණයයි ගත්තම සියයට 5 යි 10 ක ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි වුණා. ඒ ප‍්‍රතිඵලයට අපි මෙතැන්ටත් යොදා ගත්තොත් බොහොම බරපතළ තත්ත්වයක ආණ්ඩුවක ඉන්නේ. ඒ වගේම මමත් විශ්වාස කරන විදියට දැන් ඇතිවෙලා තියෙන මේ කම්පනය විශේෂයෙන්ම රජයට බැරිවෙලා තියෙනවා තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයවත් දේශපාලන ජයග‍්‍රහණයක් බවට පත්කර ගන්න. පැරදිච්ච යූඑන්පිය ජය ගත්තා වගේ හැඟීමක් තමයි රටේ තියෙන්නේ. ඉතිං ඒ නිසා වාසි පැත්තට හෝයියා කියාගෙන හිටපු නිලධාරින් ව්‍යාපාරික ….. සමාජ කණ්ඩායම් දැන් ගිලිහෙන්න පටන් අරගෙන තියෙනවා.
ප‍්‍රශ්නය:- ඒ වගේම සන්ධානයේ හවුල්කාර පක්ෂත් කළකිරිලා.
පිළිතුර:- ඔව් අනිවාර්යෙන්ම හවුල්කාර පක්ෂවලටත් ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරණයක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ මැතිවරණ කාර්යාලයත් ඇරලා තියෙනවා. ජනාධිපතිවරණයට ලෑස්තිවීමක් තියෙනවා. නමුත් සන්ධානයෙ පක්ෂනායක හමුවක් කැඳවලා එහෙම තීරණයක් අරගෙන නෑ. අයි ජනාධිපතිවරණයක් තියන්නේ කියන එකට උත්තරයක් නැහැ. ඒ දිනය ගැන එහෙම අදහසක් දන්වලත් නැහැ. ඒක නිසා තමයි අර වමේ පක්ෂ 3 ක් එකතුවෙලා ලිපියක් යවලා තියෙන්නේ. මෙයාට තීන්දුවක් අරගෙන නෑ. කරුණාකරලා මේ ජනතාවගේ පොරොන්දු ඉටු කරන්න කියලා. සන්ධානයේ හවුල්කාර පක්ෂවලට මේක ඇතුළේ කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදි ඉඩක් නැහැ. ඒ වගේම අද මේ රටේ අලූත් මතයක් ඇතිකරගෙන යනවා සුළු ජාතික ඡන්දයෙන් පුළුවන් රජවරු හදන්න කියලා. ඒ නිසා සුළු ජාතික ඡන්ද පාවිච්චි කරලා තමයි හුඟක් දෙනෙක් බලයට එන්න හිතාගෙන ඉන්නේ.
ප‍්‍රශ්නය:- ඔබ කියන්නේ එහෙම බෑ කියලද?
පිළිතුර:- ඔය සුළු ජාතික ඡන්ද කියන්නේ මොකක්ද? ලංකාවේ අද ඉන්නවා සිංහලයෝ සියයට 76 ක්. අපි හිතමු 75 යි කියලා. එතකොට අසිංහලයෝ ඉන්නවා සියයට 25 ක්. අපි හිතමු ඔය සියයට 25 න් සියයට 80 ක්ම ඡුන්දය දෙනවා විපක්ෂයට කියලා. එහෙම ප‍්‍රවණතාවක් ඇතිවෙන්න පුළුවන්. මොකද දෙමළ සන්ධානය ගත්තා උතුරේ සියයට 76 ක් ඡන්ද. අපි හිතමු දෙමළ ඡන්ද විතරක් ගත්තොත් ඒක සියයට 80 යි කියලා. ඒ 80 ටම ගත්තා කියලා හිතමු. 80 ට වඩා ගනී කියලා මම හිතන්නේ නැහැ. දෙමළ, මුස්ලිම් ඡන්ද මොකද සෙසු පක්ෂවලටත් රජයටත් ඒවා වැඩ කරන නිසා. වතු දෙමළ ඡන්ද ගත්තොත් දෙමළ ඇමැතිවැරන් ඉන්නවා. ඩග්ලස් දේවානන්ද ඉන්නවා. පිල්ලෙයාන් ඉන්නවා. ඔය වගේ කණ්ඩායම් ඉන්නවා. ඒ විදියට සිංහල ඡන්ද සියයට 80 වුණොත් සියයට 25 කින් සියයට 80 ක් කියන්නේ ජාතික ප‍්‍රතිශතය සියයට 20 යි. ජනාධිපතිවරණයක තියෙන සුවිශේෂත්වය තමයි අනිවාර්යයෙන්ම සියයට 50 ගන්න ඕනෑ. පාර්ලිමේන්තු මැතිවරණයකදි නම් ආණ්ඩුවක් පිහිටුවන්න සියයට 50 ක් ඕනෑ නැහැ. 50 ට වඩා අඩු ප‍්‍රතිශතයකින් තමයි ලංකාවේ දිගටම ආණ්ඩු පිහිටුවලා තියෙන්නේ. 1977 දි, 2010 දියි විතරයි ඒක වෙනස් වුණේ. චන්ද්‍රිකාට අර මහා යෝධ ජන රැල්ලක් තිබිය දීත් හම්බ වුණේ සියයට 48 යි. රනිල්ට 2010 දී හම්බ වුණොත් 47 යි. නමුත් ජනාධිපතිවරණයක ස්වරූපය තමයි අනිවාර්යෙන්ම සියයට 50 ගන්න ඕනෑ. දැන් එතකොට විපක්ෂයේ අපේක්ෂකයා සිංහල ඡන්දවලින් සියයට 30 ගත්තොත් ඒ කියන්නේ සෑම සිංහලයො දහ දෙනෙකුගෙන් හතර දෙනෙකේ විපක්ෂයට ඡන්දෙ දෙන්න ඕනා. කිසිම ආසනයක ලංකාවේ යූඑන්පිය මේ සියයට 40 අරගෙන නෑ. මොනරාගල තමයි හොඳම උදාහරණය. සියයට 31 යි ලැබුණේ.
ප‍්‍රශ්නය:- ඔය කියන තත්ත්වය ආණ්ඩුවක් නැහැ.
පිළිතුර:- ජනාධිපතිතුමා ගත්තොත් එතුමා වැඩිපුරම විශ්වාසය තියලා තියෙන්නේ සිංහල ඡුන්ද ගැන තමයි. එතුමාට 2010 දී ඒක පැහැදිලිවම තිබුණා. එතුමා ජය ලබන්නනම් සුළු ජාතිකයන්ගේ ජාතික ප‍්‍රතිශතයෙන් සියයට 5 කුත් සිංහලයන්ගේ ජාතික ප‍්‍රතිශතයෙන් සියයට 45 කුත් ගත යුතුයි. සිංහල ඡන්දවලින් සියයට 45 ක් කියන්නේ සිංහලයන් දහ දෙනෙකුගෙන් හය දෙනෙක් ජනාධිපතිතුමාට ඡන්දය දිය යුතුයි.
ප‍්‍රශ්නය:- මගේ ප‍්‍රශ්නය වුණේ එහෙම ගන්න පුළුවන්ද කියලයි.
පිළිතුර:- අවාසනාවකට කිසිම ආසනයක ඒ ප‍්‍රතිශතය ජනාධිපතිතුමාටත් ලැබිලා නැහැ. සිංහල බළකොටු හැටියට තිබිච්ච හෝමාගම ජනාධිපතිතුමාට ලැබුණේ විපක්ෂයට වඩා ඡුන්ද පන්දාහයි. මහා ධනයක් ආයෝජනය කරපු තිස්සමහාරාමය ගන්න විපක්ෂයට වඩා ඡන්ද හාර දහසයි. ඒකයි තත්ත්වය.
ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ජනාධිපතිවරණය ඉතා තීරණාත්මකයි.
පිළිතුර:- අනිවාර්යයෙන් ඒ නිසා එතුමා එක්කෝ සුළු ජාතික ඡන්දයෙන් ඒව පුරවාගන්න ඕනා. එහෙම නැත්නම් මහ ජාතික ඡන්දෙන් ඒක පුරවාගන්න ඕන. සුළු ජාතික ඡන්දවලින් ඒක පුරවා ගැනීමේ හැකියාවක් එතුමාට නැහැ. රනිල්ටත් ඔයිට වඩා එහාට ගිහින් සුළු ජාතික ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මෙවරත් ජනාධිපතිවරණයේ තීරක සාධකය සිංහල ඡන්ද. සිංහල මධ්‍යස්ථ උගත් ඡන්ද දායකයා කොහොමද ඡන්දය දෙන්නේ කියන එක මත තමයි ජනාධිපතිවරයා කවුද කියලා තීරණය වෙන්නේ.
ප‍්‍රශ්නය:- ඔය ඔබ කියන බලවේගය දිනාගන්න ජනාධිපතිවරණය අසමත් කියලා ඔබ හිතනවාද?
පිළිතුරු:- 2005 ඉඳන් 2010 ට සන්ධානය ඉතාම දුර්වල පාර්ලිමේන්තු නියෝජනයක් තිබියදී බොහොම නිර්භීතව කටයුතු කරලා ත‍්‍රස්තවාදය පරාජය කරලා ආර්ථික ක්ෂේත‍්‍රයේත් පිමි ගණනාවක් පැනලා ජාතික ආර්ථිකය සවිමත් කිරීමේ දිහාවට ගියා. නමුත් 2010 ඉඳන් අපේ ආණ්ඩුවේ ලකුණු පුවරුව සාර්ථක නැහැ.
ප‍්‍රශ්නය:- ඔබත් මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්. ඔය ඇයි එහෙම කියන්නේ?
පිළිතුර:- අපි ගනිමු ව්‍යවස්ථාව පිළිබඳ ප‍්‍රශ්නය. සිරිමාවෝ මැතිනියට තුනෙන් දෙකක් බලය ලැබුණා. සිරිමාවෝ මැතිනිය ඒ බලයෙන් බි‍්‍රතාන්‍යයත් එක්ක හැප්පිලා රට ජන රජයක් කළා. රට ඒකීය කළා. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙනවා කියලා වගන්තියක් එකතු කළා ව්‍යවස්ථාවට සියලූම අන්‍යාගමිකයන් කැරලි ගහද්දී දෙමළ රාජ්‍ය පක්ෂය කැරලි ගහද්දී රට ඒකීය කළා. එහෙම නිර්භීත බවක් සිරිමාවෝට තිබුණා. ඒ සියලූ බලවේග කැරලි ගහද්දී රට ඒකීය කරන්න. රට ජන රජයක් කරන්න රටේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන්න පියවර ගත්තා. ඒකට යූඑන්පියේ සහාය ගන්නත් එතුමිය බුද්ධිමත් වුණා. ඇයට ලැබුණු තුනෙන් දෙකේ බලයෙන් ඇය ව්‍යවස්ථාව විප්ලවයක් කළා. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට 1977 දී තුනෙන් දෙකේ බලය ලැබුණා. උන්නැහෙත් මේ සියලූ විරෝධතා මැද්දේ විධායක ජනාධිපතිකමත් හැදුවා. අනුපාත ඡුන්ද ක‍්‍රමයක් හැදුවා. මානව හිමිකම් පිළිබඳ කාරණා ව්‍යවස්ථාවට ගෙනාවා. හරි හෝ වැරදි හෝ ඔහුත් ව්‍යවස්ථා විප්ලවයක් කළා. පළාත් සභා ක‍්‍රමයකුත් ගෙනාවා. බලහත්කාරයෙන්. ජේ.ආර්. තමන්ගේ බලය පාවිච්චි කරලා රට ඇතුළේ ව්‍යවස්ථාමය පරිපාලනමය විශාල වෙනසක් කළා.
ප‍්‍රශ්නය:- ඔබ කියන්නේ මේ ආණ්ඩුව මුකුත්ම කළේ නැහැ කියලද?
පිළිතුර:- හොඳ ප‍්‍රශ්නයක්. මේ ආණ්ඩුව මොකක්ද කළේ. අපේ ආණ්ඩුවටත් තුනෙන් දෙකක බලයක් තියෙනවා. මොනවාද කළේ. අපේ ආණ්ඩුවට තිබුණ ඉතා පැහැදිලිවම මේ රටේ ප‍්‍රාදේශීය සභාවලට බලතල දෙන ජන සභා පනත හදලා තියෙන්නේ. ඒක කි‍්‍රයාත්මක කරන්න තිබුණා. ඒක කළේ නැහැ. ස්වාධීන එකඟතාවයක් තිබුණා මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න. ඒ පනත ගෙනැල්ලා සම්මත කරගෙන මේ කාලකණ්නි අනුපාත ක‍්‍රමයෙන් අපි ගැලවුණේ නැහැ. ඒ වගේම පළාත් සභාව ගන්න. පළාත් සභාව අහෝසි කරන්න බැරි නම් පළාත් සභාවේ ඉතාම භයානක අංග පහක් අපි පෙන්වලා දුන්නා. පළාත් දෙකකට එකතු වීමට තිබෙන හැකියාව, ආණ්ඩුකාරවරයාට හදිසි තත්ත්වයක් යටතේ වුණත් මහ ඇමැතිවරයාට අත දීමේ නොහැකියාව. පොලිස් බලතල, ඉඩම් බලතල, සම ජාතියේ ලැයිස්තුවේ බලතල පළාත් සභාවලට පැවරීම, මෙන්න මෙවැනි ඒකීය භාවයට පැහැදිලි තර්ජනයක් තිබෙන ලකුණු පහක් අපි පෙන්වලා දීලා කිව්වා ඒවා වෙනස් කරන්න කියලා. පළාත් සභා ක‍්‍රමයම ආවේ බලහත්කාරයෙන්. හැබැයි අපිට එඩිතරකමක් තිබුණේ නැහැ එහෙම දෙයක් කරන්න. ඊළඟට බරපතළ විදියේ උනන්දුවක් රටේ තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ඒ උනන්දුව මේ රටේ ඇති කළේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා.
ප‍්‍රශ්නය:- විධායක ජනාධිපතික‍්‍රමය වෙනස් කළ යුතුයි කියලා ඔබත් කියනවද?
පිළිතුර:- විධායක ජනාධිපතික‍්‍රමය ගැන අපටත් ප‍්‍රශ්න තියෙනවා. නමුත් ඒක අහෝසි කරනවා කියන තැන අපි නැහැ. ඒක මේ මොහොතේ කරන්න බැහැ. නමුත් අත්තනෝමතික බලතල කිහිපයක් විධායක ජනාධිපතිවරයාට තියෙනවා. ඇමැතිවරු පත් කිරීමට, ඇමැතිවරු ඉවත් කිරීමට තියෙන බලය ලේකම්වරුන් පත් කිරීමට, ලේකම්වරුන් ඉවත් කිරීමට තියෙන බලය පාර්ලිමේන්තුවට තියෙන විශේෂ ජනවරම නොතකා පාර්ලිමේන්තුව විසුරුවා ලීමට තියෙන බලය, අධිකරණයට විනිසුරුවන් පත් කිරීමට තිබෙන බලය, අධිකරණයට වග නොකියන සුළු ස්වභාවය. පාර්ලිමේන්තුවට වග නොකියන සුළු ස්වභාවය. මෙවැනි අතත්නෝමතික බලතල තියෙනවා. එවැනි බලතල අහෝසි කළ යුතුයි. ව්‍යවස්ථාවට අනුව මේවායේ බලතල ආවම ජනාධිපතිවරයා අපට ප‍්‍රායෝගික අත්දැකීමක් තියෙනවා.ජයවර්ධනගේ කාලයේත්, චන්ද්‍රිකාගේ කාලයේත් පේ‍්‍රමදාසගේ කාලයේත්, මේ ජනාධිපතිවරයාගේ කාලයේත් ඉතාම සුළු පිරිසක් එකතු වෙලා මේ විධායක බලතල පාවිච්චි කරනවා. ඒක අපිට පේන්න තියෙනාව. ඒ කිසිම ජනවරමක් නැති මිනිස්සු පිරිසක්. ඒක මහජනයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බරපතළ ප‍්‍රශ්නයක් ඇති කරවනවා. මේවා එකක්වත් කළේ නෑ.
ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව ඇතුළේ ඔබත් ඉන්නවා. මෙච්චර කාලයක් මොනවද කළේ කියලා මම ඇහුවොත්?
පිළිතුර:- 2010 දී පක්ෂ නායක හමුවක් කැඳවලා 18 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ පියවරෙන් පියවර මේවා කරන බවට පොරොන්දු වුණා. ඒ 2010 දී. අද 2014 . ඒ පොරොන්දු ඉටුවෙලා නැහැ. ඒ නිසා මේ රජයට ලබා දීපු තුනෙන් දෙකක බලයෙන් කිසිම වැඩක් ගත්තේ නැති ආණ්ඩුවක් විදියටත් ඒ වගේම රටට ඉතාම අහිතකර විදියට උතුරු පළාත් සභාව ප‍්‍රභාකරන් පරාජය කරලා. විසිහය දාහක් ජීවිත පූජා කරලා මුදාගත් උතුර ප‍්‍රභාකරන්ගේ දේශපාලන සගයන්ට ප‍්‍රභාකරන්ගේ දේශපාලන පෙරමුණට හදා දුන් රජයක් විදියටටයි මේ රජය ඉතිහාසයට එකතු වෙන්නේ. ඒකයි මට තියෙන කනගාටුව. ඒ වගේම මෙච්චර අයුද ජයග‍්‍රහණයක් ලබලත් අපිට බැරි වුණා. පොරොන්දුවක් දුන්නා රටට 1971 ජන අනුපාතයට අනුව උතුරයි නැගෙනහිරයි නැවත ජන අනුපාතය සකස් කරන්න.
ප‍්‍රශ්නය:- නමුත් ඒක කෙරුණේ නැහැ.
පිළිතුර:- ඔව්. අපට බැරිවුණා. උතුරෙන් පලවා හැරපු සිංහල ජනයා නැවත පදිචි කරවන්න. මඩකළපුවෙන් පළවා හැරපු සිංහල ජනයා නැවත පදිංචි කරවන්න. උථුරෙන් නැගෙනහිරෙන් අවසන් වරට සිංහලයන් පලවා හැරියේ 1987 ඔක්තෝබර් 6 වැනිදා. ඉන්දියන් හමුදාව ලංකාවේ ආරක්ෂාව බාරව සිටියදී ඉන්දු-ලංකා ගිවිසුම ගහලා ඉන්දියන් හමුදාව බලාගෙන ඉන්නකොට මඩකළපුව නගරයේදී සිංහලයන් අනූපස් දෙනෙකු ඝාතනය කළා. එහෙම ඝාතනය කරළා මඩකළපුවෙන් සිංහලයන් පැන්නුවා. යාපනය නගරයේදී සිංහලයන් හය දෙනෙකු අල්ලලා අමුවෙන් පුච්චලා ඉතිරිවෙලා හිටපු සිංහලයන් ටිකත් පැන්නුවා. මේ අයුක්තිය වෙනස් කරයි කියල තමයි දේශපේ‍්‍රමීන්ගේ යෝධ විශ්වාසය වුණේ. හැබැයි අපේ ආණ්ඩුව ඕක කරන්න නිර්භය වුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. රට මුදා ගත්තා කියලා කිව්ටව අද රට මුදාගෙන නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. අන්න ජාතිවාදි විග්නේෂ්වරන්ට උතුර බාර දීලා තියෙන්නේ. අද විග්නේෂ්වරන් වැලිඔය සිංහලයන්ට සල්ලි දෙන්නේ නැහැ. ඒ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විතරක් සල්ලි දෙන්නේ නැහැ. අදත් වැලිඔය මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මුලතිව් සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් යාපනය සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මඩකළපුව සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. විසිහය දාහක් ජීවිත පූජා කළේ සියයට 60 ක් ඡන්දය දුන්නේ අතිශය බලාපොරොත්තුවක් ඇතිවයි. ඒ බලාපොරොත්තුව මේ ආණ්ඩුව කඩ කරලා තියෙනවා. ඒ නිසා සිංහලයන්ගෙන් දේශපේ‍්‍රමය මත ඡන්දය ඉල්ලන්න මේ ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.
ප‍්‍රශ්නය:- මේවා ඇයි ඔබ ආණ්ඩුව ඇතුළේ කතා නොකරන්නේ?
පිළිතුර:- අපි විශාල අරගලයක් කළා. ඒ අරගලය ඇතුළේ කරලා එපා වෙලා තමයි අපි එළියට කරුණු කියන්න පටන් ගත්තේ. මේ රජය බලයට පත් කරපු බලවේග පිළිබඳ අවතක්සේරුවෙන් ඒ පිළිබඳ උපහාසාත්මක දැක්මකින් ඇතැම් උපදේශකයන් කිහිප දෙනෙක් කි‍්‍රයා කරන නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. ඒ නිසා ඒ ඇත්තන්ට දැන් හෝ අනාගතයේදී හෝ වැටහිය යුතුයි මේ රටේ දැන උගත් සිංහල ජනතාව රවට්ටන්න බෑ කියලා. තවදුරටත් දේශපේ‍්‍රමි සළුපිළිවලින් රවට්ටන්න බෑ කියන එක ඔවුන් තේරුම් ගත යුතුයි. ඒ වගේම බලන්න විදේශ පෙරමුණ. විදේශීය වශයෙන් අපි ලොකු වටලෑමක ඉන්නේ. අපි මොකද කිව්වේ… අපි කිව්වා යුද අපරාධ වෙලා නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපිට ඒක හොයන්න පුළුවන්. අපි අන්තිමට මොකද කළේ. යුද අපරාධ හොයන්න කියලා කොමිසමක් පත් කරලා අපිම කියපු දේ අපි ප‍්‍රතික්ෂේප කළා.
ප‍්‍රශ්නය:- ඇයි විදේශීය උපදේශකයන් පත් කළේ?
පිළිතුර:- ඔව්. උපදේශකයන් විදියට විදේශිකයන් කිහිප දෙනෙකු පත් කරලා විදේශීය මැදිහත්වීම අපිම කළා. අපට තවදුරටත් අයිතියක් නෑ ජිනීවාවල විදුලි පුටු ගැනකතා කරන්න. අපේ රටේ රණවිරුවන් අපි පාවලා දීලා ඉවරයි. ඒ යුද අපරාධ හොයන්න කොමිසම පත් කරන්න තීරණය කරපු අය ඒකට විදේශීය නියෝජිතයන් ගෙන්වා ගන්න තීරණය කරපු අය මේ රටේ රණවිරුවන් පාවලා දීලා ඉවරයි.ඒ අයට රණවිරුවන් ගැන කතා කරන්න බෑ. ඒ නිසා ඒ විදේශ මැදිහත්වීමෙන් ඒ දේශමාමක ජනතාවගේ මතය කොල්ලකන්න තවදුරටත් ආණ්ඩුවට බැහැ.මේක හරිම කණගාටුදායක තත්ත්වයක්. මේ ආණ්ඩුව වෙනුවෙන් ජන්දය ඉල්ලපු අපට දැන් ලජ්ජයි.
ප‍්‍රශ්නය:- ඔබ කියන විදියට වැරදි පාරේ යන්නේ ජනාධිපති මහින්දද වෙනත් පිරිසක්ද?
පිළිතුර:- මම පුද්ගලයන්ට දෝෂාරෝපණය කරන්නේ නැහැ. ජනාධිපතිතුමාට බරපතළ වගකීමක් තියෙනවා මේ සන්ධානයේ නායකයා හැටියට ඒ වගේම ජනාධිපතිවරයා හැටියට. ඒ වගේම අපිටත් වගකීමක් තියෙනවා. මේවා ආපසු හැරවීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපටත් වගකීමක් තියෙනවා.
ප‍්‍රශ්නය:- මින් ඉදිරියට ඔබ මොකද කරන්නේ?
පිළිතුර:- මේ ගැන අපි ලජ්ජා වෙනවා. ඒ වගේම අපි කෝපයට පත්වෙලා ඉන්නේ. අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට අහිමි කරපු අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකේ කිසිම සැකයක් නැහැ. අපට පුද්ගලයො වැදගත් නෑ. ඒක මුලින්ම මේ ආණ්ඩුව දැනගන්න ඕනෑ. අපි පුද්ගලයෝ පස්සේ යන්නෙත් නැහැ. අපට පුද්ගලයෝ වැදගත් නැහැ. අපේ ජනතාවට කළ අසාධාරණයට අපේ ජනතාවට කළ රැවටීමට අපි අනිවාර්යෙන්ම ප‍්‍රතිචාර දක්වනවා. ඒ ජනතාවගේ හෘද සාක්ෂියයි අපි නියෝජනය කරන්නේ.
ප‍්‍රශ්නය:- ඉදිරි ජනාධිපතිවරණයේදී ලොකු පිම්මක් පනින්නද මේ හදන්නේ?
පිළිතුර:- ජනාධිපතිවරණය කියන්නේ රටක ආණ්ඩු මාරු කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒ ප‍්‍රශ්නයේදී අපි මේ රටේ දැන උගත් සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රටට ඉදිරි අනාගතයක් තියෙන්න නම් මේ විදේශී්‍ය වටලෑමට කොන්ද කෙළින් තියාගෙන මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම අපේ රණවිරුවන්ගේ අභිමානය රකින පුළුවන්. උතුරේ හා නැගෙනහිර අපේ ජනතාවගේ ඉඩම් අයිතිය රකින්න පුළුවන් රට තුළ කි‍්‍රයාත්මක බෙදුම්වාදි ව්‍යාපාර, සමාජ බෙදුම්වාද ව්‍යාපාර පරාජය කරලා රටට එක නීතියක් ගේන්න පුළුවන් විශේෂයෙන්ම අද ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා ආර්ථිකයේ. ඒ ආර්ථික ප‍්‍රශ්න විසඳන්න පුළුවන් වැඩ පිළිවෙළක් සහිත කි‍්‍රයාදාමයක් සහිත ජනාධිපතිවරයෙක් තමයි අපිට ඊළඟට ඕනෑ කරන්නේ. රට යන්නේ යුග පෙරළියකට.
ප‍්‍රශ්නය:- පොදු අපේ්කෂකයෙක් ගැනත් කතාවක් තියෙනවා. එහෙම වුණොත් මොකක් වෙයිද?
පිළිතුර:- අපේක්ෂකයෝ මෙතැනදී වැදගත් නෑ. පුද්ගලයෝ ශත පහකටවත් වැදගත් නෑ. ප‍්‍රතිපත්ති තමයි මෙතැන වැදගත් වෙන්නේ. රටට ප‍්‍රතිසංස්කරණ අවශ්‍යයි. රටට අවශ්‍යයි යෝධ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක්. රටට අවශ්‍යයි යෝධ ආර්ථික ප‍්‍රතිසංස්කරණයක්. රටට අවශ්‍යයි යෝධ සමාජ ප‍්‍රතිසංස්කරණයක්.
ප‍්‍රශ්නය:- ඔබ කිව්වා රට සැරසෙන්නේ යුග පෙරළියකට කියලා. ඔබ ඒ ඉඟියෙන් මොකක්ද කියන්නේ?
පිළිතුර:- රටට වෙනසක් ඕනෑ. රට සම්පූර්ණයෙන්ම යුග පෙරැළියක තියෙන්නේ. ඒ යුග වෙනස අවශ්‍යයි. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් කරන්න පුළුවන්. හැබැයි එතුමා 2005 ට යන්න ඕනෑ.
ප‍්‍රශ්නය:- විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න කියලා ඔබට ආරාධනාවක් ආවොත් ඔබ ඕක බාරගන්නවද?
පිළිතුර:- මෙහෙමයි. පොදු අපේක්ෂකයා වෙන්න මගේ අදහසක් නෑ. හැබැයි පොදු ප‍්‍රතිපත්තිය රටට හදන්න අපි ඉදිරිපත් වෙනවා.
– ලංකාදීප පුවත්පතෙනි

Saturday, October 18, 2014

හෙල්පිං හම්බන්තොට තීන්දුව ගැන 'සමාව ඉල්ලනවා'

17 ඔක්තෝබර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:30 GMT
'හෙල්පිං හම්බන්තොට' නමින් ප්‍රකට සුනාමි ආධාර වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 2005 වසරේ පැවති නඩුවේදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නිදහස් කිරීම පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා බීබීසී සංදේශයට පැවසීය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කරගෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් විසින් ඉදිරිපත් කොට තිබුණු පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව පවසමින් එවක අගමැති මහින්ද රාජපක්ෂ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කොට තිබුණි.
එය විභාග කළ එවක අගවිනිසුරු සරත් සිල්වා ප්‍රමුඛ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් අගම්තිවරයා නිදහස් කළේ කබීර් හෂීම් මන්ත්‍රීවරයාද දැඩි දෝෂදර්ශනයට ලක් කරමින්.
"එතුමාව රිමාන්ඩ් භාරයට අරගෙන හිරගත කිරීමට අවකාශයක් තිබුණේ. මම ඒ වෙලාවේ යුක්තිය ඉටු කෙරුව. මම දන්න තරමින්," බවයි හිටපු අගවිනිසුරුවරයා පවසන්නේ.
'දූෂිත පාලනය'
තමන් ජනාධිපතිවරණයට තරඟ වැදීම වැළැක්වීමේ අටියෙන් නඩුවක් ඉදිරිපත් කිරීමට සැරසෙන බවට එවක අගමැතිවරයා මතු කළ තර්කයද විනිශ්චය මණ්ඩලයේ දැඩි අවධානයට ලක් වී තිබේ.
සරත් සිල්වා හිටපු අගවිනිසුරුවරයාගේ තීන්දුවක් ප්‍රකාර වසරකට පෙර පදවියෙන් ඉවත්වීමට හිටපු ජනාධිපතිනියට සිදුවිය
එහෙත් වර්තමානයේ මහින්ද රාජපක්ෂ පරිපාලනයේ 'නීතියට පටහැනි, අන්ත දූෂිත, පාගා කොමිස් ගහන, රටේ සම්පත් සූරා කන' ක්‍රියාකලාපය සලකා බලන විට එදා ඔහු නිදහස් කිරීම පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.
"මේ සියල්ල බලාගෙන යනකොට මට දැන් කල්පනා වෙනවා අර හෙල්පිං හම්බන්තොට කියන එක ඇත්තක්ද නැත්තක්ද කියල. විශාල සැකයක් මතුවෙනවා. ඉතින් සමාව ගත යුතු නැද්ද?," යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.
තමන් දුන් තීන්දුවක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයකු සමාව ඉල්ලා සිටීම ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්වයක්.
"මට තියෙන්නේ එදා ගත්ත තීන්දුව හරිද නැද්ද කියල මට සැකයක් තියෙනව. අපි එදා පූර්ව නිගමනයේ ක්‍රියා කළේ මෙයා කවදාවත් ඔය වගේ මුදලක් වංචා කරන්නේ නැහැ කියල. දැන් ගත්තහම එළිවෙලා තියෙන වංචා සහගත තත්වයන් බැලුවම මේ පේනවා මෙතුමාගේ ගතියක් මේක," යනුවෙන්ද සරත් සිල්වා සංදේශයට පැවසීය.
ජනපති විවාහය
තමන්ගේ වෙනත් කිසිදු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් තමන්ට මෙවැනි විවේචනයක් නොමැති බවයි හිටපු අග්‍රවිනිශ්චයකාරවරයා පවසන්නේ.
විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ධුර කාලය 2005 න් අවසන් වන බවට දුන් තීන්දුව දෙමින් තමන් එදා සිටි ස්ථාවරය නිවැරදි බව ඔහු අවධාරණය කරයි.
"ජනවරම ලැබුණු, පත්වුණු දිනයේ සිට අවුරුදු හයක් යන කොට ජනාධිපතිගේ කාලය අවසානයි. ඒ ස්ථාවරයේ තමයි මම අදත් ඉන්නේ."
සිකුරාදා කොළඹ නව නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදීත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ජනාධිපති පදවියට පත්වීමට අවස්ථාව සලසා දීම පිළිබඳව සමාව ඉල්ලා සිටි නමුත් 'හෙල්පිං හම්බන්තොට' නඩුව හිටපු අගවිනිසුරුවරයා නමින් සඳහන් කළේ නැත.
"ඒක මම හිතා මතා කරපු ප්‍රකාශනයක්. මේක අහම්බෙන් කරපු ප්‍රකාශනයක් නෙවෙයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ විවාහ උත්සවයේ සාක්ෂිකරු හෝ දෙවැනි මනමාලයා ලෙසින් කටයුතු කළ ඔහු, 'හෙල්පිං හම්බන්තොට' නඩුව විභාග කිරීම කෙතරම් යුක්ති සහගත දැයි සංදේශය විමසූ අවස්ථාවේ හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ තමන් විවාහයේ සාක්ෂිකරුවකු හෝ දෙවැනි මනමාලයා ලෙසින් කටයුතු කළ බවට පළ වන වාර්තා 'දුර්මතයක්' බවයි.

වැඩි විස්තර සදහා.  http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/10/141017_sarath_silva_apology


Sri Lanka Is In The Hands Of A Single Family: Rathana Thera

Filed under: Colombo Telegraph,News,STORIES | 
The country is being run according to the whims and fancies of a single family, Jathika Hela Urumaya (JHU) MP Athuraliye Rathana thera has stated.
Athuraliye Rathana thera
Athuraliye Rathana thera
Speaking at the launch of the proposal for the 19th Constitutional amendment prepared by Pivithuru Hetak (A better tomorrow) movement led by him, the monk whose party is a member of the UPFA coalition has accused the Rajapaksa-regime of running the country according to the whims and fancies of a handful of officials in the government service.
“Every single state-level decision is made by a dictatorial hand; the country is in the hands of a single family and a few government officials whom this family heeds to,” Rathana thera had stated.
During his speech at the event he had gone on to criticize the decision made by President Rajapaksa to hold the Presidential election in a few months, describing it as an ‘arbitrary, stubborn and unwise action’.
“Today, the necessity for a Presidential election has been decided by the planetary movements and astrologers. We would like to remind the President that the need for a Presidential election should be decided by the law and the people’s mandate not your horoscope,” he has said.
Meanwhile, Rathana thera had also commended the stance taken by the leftist parties and its leaders in writing to the President, urging him to hold the election and instead implement the much needed Constitutional amendments to preserve democracy.

Print Friendly