Wednesday, November 12, 2014

මුස්ලිම් කොන්ග්‍රසයේ අනුවන ක්‍රියාවෙන් අනිසි පල නෙලාගන්නට දගලන ජාත්වාදි බැලුම්ගල කණ්ඩායම


ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මෙම ඉල්ලීම සාධාරන ඉල්ලීමක් වුවත්  සුලු ජාතින්ගේ සියලු ඉල්ලිම් එකම ගොඩට දමා මනින ජාතිවාදින්ට එය තවත් මාතෘකාවක් සොයාදීමක් පමනී, එසේම හලාල් ප්‍රශ්නයෙන් බැට කෑ ජනයාව කබලෙන් ලිපට ඇද දමන අනුවන ක්‍රියාවක් බවත් සදහන් කලයුතුයි.

බහුතරයක් දෙමල කතාකරන ජනයා ජීවත්වන ප්‍රදේශයට එම අයට ඒ අයගේ භාෂවෙන් කටයුතු කරගන්නට හැකි වාතාවරනයක් ඇතිකර දිමෙන් කිසිවිටක බෙදුම්වාදය පෝෂනය නො වන බවත් පෙරලා එම ජනයගේ රටවෙනුවෙන් ඇති බැදීම තව තවත් ශක්තිමත්වේවි. මෙම ඉල්ලීම වෙනම මුස්ලිම් ප්‍රාන්තයක් සදහා නොවන බවත් මෙය හුදෙක් පරිපාලනමය කටයුතු සදහා ආණ්ඩුවේ නිළධාරින් පත්කර ගන්නට කරන සාධාරන ඉල්ලිමක් බව තේරැම් කරදෙන්නට උත්සාහකල යුතු බැලුම්ගල කණ්ඩායම වක්‍රආකාරයට ජාති වාදය වපුරන්නට උපයොගි කර ගැනීම පිලිකුලෙන් යුතුව තරයේ හෙලා දකින අතර සියලු ජාතින්ට එකහා සමාන ලෙස සලකන්නට පුරැදු විය යුතුයි. 

මුස්ලිම් ජනයාට වෙනම කලාපයක් රටින් වෙන්කරගන්නට අවශ්‍යතාවයක් ඇතිවී තිබුනේනම් ඹවුන් එදා ප්‍රභාකරන් සමග එක්වී කටයුතු කරන්නට බොහො දුරට ඉඩ තිබුනේය එසේ එක්නොවී ආණ්ඩුවට සහාය දැක්වීමෙන් මුස්ලිම්වරැන්ව අමු අමුවේ ඝාතනය කල සහ අනාථ භාවයට පත්කල අවස්ථා බොහොමයක් ඇත, එසේම මුස්ලිම් වරැ පවතින රජයට විරැද්දව හෝ රටට හානි වන ආකාරයට ඉතිහාසයේ කවරදාවකවත් ක්‍රියාකර නොමැති බව බැලුම්ගලට මතක්කර දියයුතුයි.

කොලබ ජීවත්වන චීනුන්ට මෙම භූමියේ කොටස්කාරයන් වන මුස්ලිම් වරැන්ව සමාන කිරීම ඉතාමත්ම කණගාටු දායක කරැණකි, ලාංකිය මුස්ලිම් වරැන් අරාබියෙන් හො වෙනත් රටකින් ඇවිත් පදිංචිවුවන් නොවන බව මතක්කරදිය යුතුයි එසේ ආපු අය බවට හදුන්වන්නට උත්සාහ කරනවානම් ඉන්දියාවෙන් ආපු විය ප්‍රමුඛ කණ්ඩායමටත් එය වලංගු විය යුතුයි.

මුස්ලිම් වරැන් අතර ඇති පිල් බෙදීම් ගැන මහා ලොකුවට කතාකරන ජාතිවාදින්ට තමන් අතර ඇති පිල් බෙදීම් ගැන අමතකවී ඇත, තේර වාදය සහ මහායානා වැනි කොටස් බෞද්ධාගම තුල ඇත එසේම තේරවාදය තුල තිබෙන නිකාය භේදය සහ බෞද්ද ජනයා තුල තිබෙන කුල භේදය ලජ්ජා විය යුතු කරැණකි, පැවිදි වීමේ සිට විවාහ වීම අවමගුල් කටයුතු වැනි කාරනාවන් කුලය අනුව කරන ගොත්‍රික මානසිකත්වය තුරන් කරගන්නට නොහැකිව ඇති අයට මුස්ලිම් සමාජයේ ඇති යම් යම් කොටස් ගෙන කතාකරන්නට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.

බුහුතරයක් වන සිංහල බෞද්ධ ජනයා සුලු ජාතින්ට අවශ්‍ය ආකාරයට ඹවුන්ගේ කටයුතු කරගන්ට අවස්ථාවක් ලබානොදෙන තාක් මෙම රටේ සාමය සහ සහජීවනය ඉටු නොවන සිහිනයක් පමනී. 

No comments:

Post a Comment