Wednesday, November 19, 2014

ෂරියා නීතියට බැන වදින ජාතිවාදින් බුදුන්ගේ දේශයේ දිනෙන් දින ඉහල යන ලිංගික අපචාර නවත්වන්නට ඉදිරිපත්කරන විකල්පය කුමක්ද?

http://www.divaina.com/2014/11/19/provin03.html

මවගේ අනියම් සැමියා දැරියට අතවර කරයි
කඳාන විශේෂ - රුක්‌මන් පින්තු

වයස අවුරුදු 9 ක්‌ වූ බාලවයස්‌කාර දැරිය අපචාරයට ලක්‌ කළ තම මවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට කඳාන පොලිස්‌ ස්‌ථානය කටයුතු කර තිබුණි.

කඳාන පොලිස්‌ බල ප්‍රදේශයේ උතුරු බටගම ඇවරිවත්ත ප්‍රදේශයේ ජීවත් වූ පාසල් යන මෙම දැරියගේ පියා වසර 9 කට කලින් තම මව අතහැර ගොස්‌ ඇති අතර මීට වසර 3 ක කාලයක සිට සිය මව ඇසුරු කළ අනියම් සැමියා මෙලෙස දැරියට ලිංගික අපචාර සිදුකර ඇති බවට දැරියගේ සීයා විසින් කඳාන පොලිස්‌ ස්‌ථානයේ ළමා හා කාන්තා ඒකකයට කළ පැමිණිල්ලක්‌ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

දැරිය විසින් තම පුංචි අම්මා කෙනකුට සිද්ධිය හෙළිදරව් කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධව දැරියගේ සීයා කඳාන පොලිසියට පැමිණිලි කර තිබුණි. කඳාන පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන කන්දෙවත්ත මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා ඒකකය විසින් දැරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා රාගම රෝහලට යොමුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි. අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු හතළිස්‌ නව හැවිරිදි විල්පිටවත්ත අකුරැස්‌ස පදිංචිකරුවකු බව පැවසේ.


සැමියාගේ අත් පා බැඳ ගොළු කතට හදි කරලා
සැකකාර තරුණයෝ තිදෙනා තවම නිදැල්ලේ

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ ගොලු යුවලක්‌ පදිංචිව සිටින නිවසකට ඉකුත් 14 දා රාත්‍රී කඩාවැදුණු තරුණයන් තිදෙනකු හතළිස්‌ හතර හැවිරිදි ගොලු කාන්තාවට අතවර කර ඇත.

ගොලු යුවල නිදා සිටියදී නිවසට ඇතුළු වී ස්‌වාමිපුරුෂයාගේ අත් පා බැඳ දමා තරුණයන් තිදෙනා බිරිඳ වරින් වර දූෂණය කර ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

අතවරයට ලක්‌ වූ කාන්තාව තණමල්විල රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් අපරාධය පිළිබඳව ගොලු යුවලගෙන් තොරතුරු ලබාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බැව් තණමල්විල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක කේ. වී. පී. සී. දීපාල් මහතා පැවැසීය.


පෙම්වතාගෙන් වෙන්වෙන්න බෑ කියා තරුණිය ත්‍රිරෝද රියෙන් පනී

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල

තම පෙම්වතා මගහැර යැමට අකමැති වූ තරුණ පෙම්වතිය පියා සමඟ ත්‍රීවීල් රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රීවීලරයෙන් බිමට පැනීම නිසා අනතුරට පත්වී කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

යුද හමුදා සේවයෙන් විශ්‍රාමලත් පියා දැන් වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියෑදුරෙකි. ඔහුගේ තරුණ දියණිය ඇගේ පෙම්වතා සමඟ කුරුණෑගල ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී අල්ලාප සල්ලාපයේ යෙදී සිටි මොහොතේ එය දැක ඇති පියා උරණ වී දියණිය සමඟ ඇගේ පෙම්වතා කුරුණෑගල පොලිසියට භාරදී ඇත.

පොලිසියේදී ඔවුන් දෙදෙනාට අවවාද කර තිබේ. පසුව සිය පියාගේ ත්‍රිරෝද රථයෙන් නිවස කරා රැගෙන යමින් සිටියදී පොලිස්‌ ස්‌ථානය සමීපයේදීම ඇය ත්‍රිරෝද රථයෙන් බිමට පැන ඇත. මේ නිසා ඇය අනතුරට පත්ව තිබේ.

මේ මොහොතේ දියණියගේ පෙම්වතාද අනතුර සිදුවූ ස්‌ථානයට නොදුරින් සිටි නිසා ඔහු පැමිණ පියාගේ ත්‍රිරෝද රථයෙන් දියණිය වත්තන් කර ගෙන කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවැසීය.


පාසල් යනවා කියා ගිය ශිෂ්‍යාව පෙම්වතාගේ ගෙට රිංගලා

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

පාසල් යන බවට නිවසින් පිටත් වී පෙම්වතාගේ නිවසට ගොස්‌ සිටි පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යාව, දහඅට හැවිරිදි ඇයගේ පම්වතා සමග මැදගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙම්වතාගේ නිවසේ කිසිවකු නොමැති දිනවලදී ශිෂ්‍යාව ඔහුගේ නිවසට ගොස්‌ අඹු සැමියන් ලෙස හැසිරී පාසල ඇරී ගෙදර යන වෙලාවට නිවසට ගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

ශිෂ්‍යාව වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මැදගම රෝහලට ඇතුළත් කොට ඇත. සැකකාර තරුණයා බිබිල මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මැදගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment