Wednesday, November 26, 2014

ආසියාවේ ආශ්චර්ය කරා යන ගමන - පියාගේ අනියම් බිරිඳගේ දියණිය ගැබිනියක්‌ කළ තරුණයාට ඇප

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ 

සිය පියාගේ අනියම් බිරිඳ වූ කුඩම්මාගේ 15 හැවිරිදි දියණිය බිරිඳ වශයෙන් තබාගෙන ඇයව ගැබිනි මවක්‌ බවට පත්කළ 16 හැවිරිදි අයෙකුට රුපියල් 50,000 ක ශරීර ඇපමත මුදා හරින ලෙස මතුගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් දර්ශිකා මාලිමා විඡේබණ්‌ඩාර මහත්මිය නියෝග කළාය.

ගැබිණියක්‌ බවට පත්වී ඇති දැරියගේ පියා සිය මව අතහැරගොස්‌ ඇතැයිද පසුව ඇයගේ මව සැකකරුගේ පියා සමග දීග කෑමට පටන්ගෙන ඇති අතර ඔහුගේ මව ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇතැයිද පරීක්‌ෂණවලදී අනාවරණය වූ බව කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා වේ දැක්‌වේ.

ගැබිණි දැරිය පොලිසියට ප්‍රකාශයක්‌ කරමින් සිය පියා මව අතහැර යැමෙන් පසු තමන්ද නව සහෝදරියන් දෙදෙනා සමග බප්පාගේ නිවසට පැමිණි බවත් බාප්පාටද පළමු කසාදයෙන් දරුවන් තිදෙනකු සිටින අතර ඔහුගේ ලොකු පුතා සමග තමන් අඹු සැමියන් වශයෙන් ගත කළ බවත් ඇය පැවසූ බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

ගැබිනි දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයිද දොඩන්ගොඩ පොලිස්‌ වසමේ පදිංචි මෙම පවුල නූගත් කමත් අන්ත අසරණ භාවයට පත් නිසා මෙම තත්ත්වයට පත්වී ඇතැයි ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා වේ දැක්‌විණි.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු, සහකාර පොලිස්‌ අධිකාරි සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ පිට කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි සැරයන් (27186) ආනන්ද කාන්තා කොස්‌තාපල් (2638) මහේෂිකා යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

No comments:

Post a Comment